100 ways chapter 3💟

350 85 35
                                    

ඔබට මම.........කේන්තිය දරාගත නොහැකි තැන chun mei jia erට පහර දීමට පටන් ගත්තේ ඔහු කවුරුන්ද යන වගක් නොදැනයි...නමුත් අසිපත් පහරවල් පවා හොඳින් හුරු පුරුදු jia erට ඇයගේ පහරවල් ඉතා සියුමැලි බව හැඟුනා......

නවතනු....jia er සමඟ පැමිණි අනෙකුත් නිලධාරීන් ඇයව පසෙකට ඇද දැමුවා...

ඔබ අඥානයා...ඔබ කිසිසේත් මෙවැනි ආරක්ෂක සේවයකට ගැලපෙන්නෙ නම් නැහැ...ඔබට ගැලපෙන රැකියාව නම් රජ මාලිගාවේ විකට තනතුරයි...අනුවණයා....
Chun mei බැන වැදුනද jia er එයින්ද විනෝද වන බව පෙනුනා...

ඔබ මෙහෙන් පිටවන්න වහාම...අනෙකුත් නිලධාරීන් ඇයට අණකලා...ඇය තම ගයාගුම් වාද්‍ය භාණ්ඩය රැගෙන කෝපයෙන් පිටව ගියා....

ඔබතුමා හොඳින් ද...නිලධාරියෙකු විමසුවා...
මා හොඳින්...නමුත් ඇය නම් ඉතා දඩබ්බරයි....
Jia er ඈ යන දෙස බලමින් පැවසුවා...

නමුත් ඔබතුමා කිසි දිනෙක තරුණියකට සරදම් කරනු මා දැක නැහැ...jia erගේ දෙවන පෙල නිලධාරී wen cheng පැවසුවා...jia er සෙන්පති සමඟ නිරතුරුව කටයුතු කරන හිතවත්ම නිලධාරියා ඔහුයි....

ඇයි මට එසේ කල නොහැකිද...jia er විමසුවා...
එසේ නොවේ...ඔබතුමා ඈ කෝප ගැන්වීමෙන් විනෝද වූ බව පෙනුනා...wen cheng පැවසුවා...
එය ඇත්තෙන්ම විනෝදයි  wen...ඔහු පැවසුවා...

මට සිතෙන්නේ නම් ඔබතුමාට තනිකඩ දිවිය අවසන් කිරීමට සිත් පහල වෙලා වගේ...wen නැවත පැවසුවා...
කුමක්ද....jia er ඔහු දෙසට හැරී විමසුවා...
ඔබතුමාට ඈ ගැන සෙනෙහසක් පහල වූවා නොවේද....wen cheng පැවසුවා...

තවත් ඔබ ඒ ගැන පැවසුවහොත් මා නුඹේ දිව කපා ගසක එල්ලා තබනවා...jia er පැවසුව නමුත් එය කෝපයෙන් පැවසූවක් නොවන බව වැටහුනා..
එහෙමයි සෙන්පතිතුමනි....wen cheng සිනාසෙමින් පැවසුවා...

Jia er සෙන්පති wen cheng නිලධාරී පැවසූ  වදන් පිලිබඳ කල්පනා කලා...
ඇයි මගේ හදවත මෙතරම් වේගයෙන් ගැහෙන්නේ...ඔහු පපුවට අත තබාගෙන කල්පනා කලා....ඇගේ සුන්දර මුහුණ හා කඩාහැලෙන දිගු කෙස්කලඹ ඔහුට මැවී පෙනුනා...

සෙන්පතිතුමනි පිරික්සීම අවසන්...සෙබලෙකු පැමිණ දන්වා සිටියා...
එසේනම් ආරක්ෂක සීමාව ඉවත් කර පිටව යමු....
එහෙමයි........

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Where stories live. Discover now