100 Ways chapter 18💟

231 67 27
                                    

100 Ways 18

තවත් දින කිහිපයක් ගතවී ගියා...tai sun ගේ යෝජනාව හේතුවෙන් chun mei කල් ගතකලේ ඉතාමත් බියෙන්..ඔහුට කොයි මොහොතේ හසුවේදැයි සැකයෙන් ඈ නිතරම කල් ගත කලා...නමුත් jia er ඇගේ බිය නැතිකිරීමට හැමවිටම උත්සාහ දැරුවා...

ඒ අතරතුරේදී tai sun නිහඬවම chun mei පිලිබඳව සොයමින් සිටියා..ඈ නිතර යන එන තැන් හා සිදුකරන දේ පිලිබඳ තොරතුරු ඔහු සොයා බැලූනමුත් ඈ jia er ගේ ආදරවන්තිය බව දැනගැනීමට අපොහොසත් වුනා...

Chun mei වාද්‍ය අංශයෙහි පුහුණුවීම් වල නිරත වෙමින් සිටියා...

Chun mei ප්‍රධානිතුමා ඔබව කැඳවූවා...
මා පැමිණෙන්නම්...chun mei පැවසුවා..ඈ ප්‍රධානීතුමා ගේ කාර්යාලය වෙත ගියා...

ආ..ඔබ පැමිණියාද..ඔබව කැඳවූයේ රාජකාරියක් සඳහායි..ප්‍රධානීතුමා පැවසුවා..
කුමක්ද ප්‍රධානීතුමනි...
මව් බිසව විසින් වාදනයක් කිරීමට ශිල්පිනියක් එවන ලෙස දන්වා සිටියා..කිරුල හිමි කුමරුන් ,අගබිසව හා tai sun කුමරු මවුබිසව බැහැදැකීමට පැමිණෙන බව ඈ දැන්වූවා..ඔවුන් වෙනුවෙන් වාදනයක් සූදානම් කලයුතු බැවින් ඔබ ඒ සඳහා සුදුසු යැයි මම සිතනවා...ප්‍රධානීතුමා පැවසුවා...

Tai sun යන නම ඇසූ සැනින් ඈ බියපත් වූවා..නමුත් රාජකාරිය බාරගනු හැරෙන්නට ඈට කල හැකි කිසිවක් තිබුනේ නැහැ...
එහෙමයි මා එය ඉටු කරන්නම් ප්‍රධානිතුමනි...
එසේනම් තව හෝරාවකින් සූදානම් වන්න...ඔහු පැවසුවා...

Chun mei ට එහි යනුහැරෙන්නට වෙන කිසිදු විකල්පයක් තිබුනෙ නැහැ...නියමිත වේලාවේදී ඈ එහි ගියා...
ඇය ඔවුන් ඉදිරියේ වාදනය ඉදිරිපත් කල අතර එම කාලය පුරාවට tai sun ඈ දෙස ඉතා කෑදර ආකාරයෙන් බලා සිටියා..chun mei ට ඔහු පිලිබඳ ඇති වූයේ මහත් පිලිකුලක්...

ඇය රාජකාරිය නිමකොට පිටතට පැමිණියා..

කොහෙද ඔබ යන්නෙ..මඳක් සිටින්න...ඈ පැමිණෙත්ම ඈ සමඟ පිටතට පැමිණි tai sun එක්වරම විමසුවා...
Chun mei බියෙන් ගල්ගැසුනා...
මා වාද්‍ය අංශය වෙත පිටත්වනවා කුමරුනි...ඇය පිලිතුරු දුන්නා..

ඉතින් කුමක්ද කලබලය..ඔහු කෙමෙන් chun mei අසලට ලඟා වූවා...
මට රාජකාරි බොහොමයි..මා යායුතුයි...ඇය පිටවීමට තැත් කරන විටම tai sun දැඩිව ඇගේ අතක් අල්ලාගත්තා..

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Where stories live. Discover now