100 Ways chapter 18💟

Start from the beginning
                                    

ඔබට එසේ යාමට ඉඩදිය නොහැකියි...සුන්දරිය...ඔබ මා සමඟ විසීමට අකමැතිද..ඔබ මට පිලිතුරු ලබා දුන්නෙ නැහැනේ...tai sun විමසුවා..
මා යා යුතුයි කුමරුනි..යාමට ඉඩදෙන්න...ඔහුගෙන් අත මුදාගැනීමට උත්සාහ කරමින් ඈ පැවසුවා...

මඳක් සිටින්නකො...ඔබ හට සහකරුවෙකු සිටිනවාද..ඔහු chun mei ගේ මුහුණ අල්ලමින් විමසුවා...
සිටියත් දැන් ඔබව ඔහුට හිමිවීමට දෙන්නෙ නැහැ මම..tai sun පැවසුවා..

මා අත් හරින්න කුමරුනි..කරුණාකර...chun mei ගේ දෑස් කඳුලින් පිරීගියා...
හඬන්නෙ ඇයි..ඔබට මා තවම කිසිවක් සිවු කලේ නැහැනෙ...tai sun ඈ බියවී ඇති බව දැනගෙන පැවසුවේ සිනාසෙමින්...

එම අවස්ථාවේ රාජකාරියක් නිමකොට jia er ඒ අසලින් පැමිණෙමින් සිටියා..tai sun chun mei ව වැරෙන් අල්ලාගෙන සිටි අයුරු ඔහු අහම්බෙන් මෙන් දුටු අතර ඔහුගේ සිතෙහි ඇති වූයේ විශාල කෝපයක්..ඔහු ඔවුන් අසලට යාමට උත්සාහ කල නමුත් cheng ඔහුව වැලකුවා...

සෙන්පතිතුමනි ඔබේ කෝපය පාලනය කරගන්න..ඔහු ඉතා අමානුෂික පුද්ගලයෙක්..ඔබ දෙදෙනාම අනතුරේ වැටිය හැකියි...cheng පැවසුවා...
ඔහු ඇයට රිදවනවා..මට ඉවසා සිටීමටද පවසන්නේ...cheng ගේ අත ගසා දැමූ ඔහු chun mei අසලට ගියා...

කුමරුනි...ඈව අත්හරින්න...jia er වහාම කියා සිටියා...
අහ්...කුමක්ද...මා ඔබ කියන දෙය සිදු කල යුතුද..tai sun chun mei ව තමා වෙතට තවත් ඇදගනිමින් පැවසුවා...
Jia er ගේ දෑස් කෝපයෙන් දිලිසුනා..

ඇයව අතාරින්න කුමරුනි..ඈට යන්න දෙන්න..jia er පැවසුවද සමච්චල් සිනවක් මුවට නංවා ගත් tai sun ඈව තවත් තදින් අල්ලාගත්තා...

Jia er ගේ දෑත කෝපයෙන් මිටිකරගනු chun mei දුටුවා...
Jia er..එපා..පිටවන්න..ඈ ඉතා සෙමින් පැවසුවා...

Jia er එක්වරම කුමරුගේ අත chun mei ගේ අතින් වෙන්කොට ඈව තමා වෙත ඇදගත්තා..
ඔබට කොහෙන් ආ හයියක්ද jia er...මා රජුගේ ඥාතියෙක්...ඔබ මට අගෞරව කලා...tai sun කෝප වූවා...
ඔබ කුමරෙකු නම් ඊටගැලපෙන අයුරින් හැසිරෙන්න කුමරුනි..ඈට කරදර කරන්න එපා...පිටව යන්නම්....jia er chun mei ද සමඟ ඔහු අසලින් පිට වූවා...
Tai sun කෝපයෙන් දැවෙන දෑසින් ඔවුන් දෙස් බලා සිටියා......

Wang jia er...ඔබ මා හට අපහාස කලානොවේද...මා ඔබව පහසුවෙන් අත් හරින්නේ නම් නැහැ
tai sun පැවසුවා....

Jia er ඔබ කුමක්ද ඒ සිදුකලේ..ඔබට කරදර වෙයි..ඔහු ඉතා දරුණුයි ඔබ එසේ සිදුකිරීමෙන් ඔහු ..............
නවතාගන්න...ඔහු ඔබට හිංසා කරන තෙක් පසෙකට වී බලාසිටීමටද පවසන්නෙ..ඔබව හිමි මට මිසක් ඔහුට නොවේ...jia er chun meiට කෝපයෙන් පිලිතුරු දුන්නා...
නමුත් ඔහු ඔබට යම් කරදරයක් සිදුකලොත්...ඇය විමසුවා..
එය එවිට සලකාබලමු..ඔහු කුමරෙකු නොවී මුලු ලොවටම රජු වූවත් ඔබට හිංසා කිරීමට මා ඉඩතබන්නේ නැහැ chun mei...jia er ඇගේ උරහිස් දෙකට අත තබාගෙන පැවසුවා..

මට ඔබ අසල බොහෝ ආරක්ෂිතයි...ඔබව හැර යා නොහැකියි..chun mei පැවසුවා..
එසේනම් බිය නොවී සිටින්න..මා ඔබව රැක ගන්නම්...ම්ම්..jia er ඇගේ කම්මුලක් කොනිත්තමින් පැවසුවා......

Jia er හා ඇය අතර ඇති සම්බන්ධය කුමක්ද...jia er නම් අනුන්ගේ ගැටලුවලට මැදිහත් වන්නෙක් නොවේ...tai sun කල්පනා කලා...
කුමරුනි..ඔහු පැමිණිලා..
කැඳවන්න...

Tai sunගේ කුටිය තුලට පැමිණියේ ආරක්ෂක සෙබලෙක්...
කුමක්ද ඔබ සොයාගත්තේ..tai sun විමසුවා..

කුමරුනි...එම ශිල්පිනියට සහකරුවෙකු සිටිනවා..ඔහු පැවසුවා...
ඔබ ඔහු කවුරුදැයි සොයා ගත්තාද..ඉක්මනින්ම පවසන්න...tai sun නොයිවසිලිමත් ව පැවසුවා...

ඔහු...ඔහු wang jia er සේනාධිපතිතුමායි...බොහෝකල් සිට ඔහු ඇගේ සහකරු බව මා සොයාගත්තා...සෙබලා පවසා සිටියා..

Jia er....එයයි ඔහු මට තර්ජනය කිරීමට හේතුව...මා ඔබෙන් එයට පලිය ගන්නවා...එයට chun mei ව ඇමක් ලෙස යොදාගත හැකියි...jia er ඈව මා හට තෑගි කිරීමට සූදානම් ව සිටින්න...කට කොනින් සිනාසෙමින් tai sun පැවසුවා...

මා දන්නා jia er තමාට ලැබෙන කිසිවක් අත් හරින්නෙක් නොවේ..ඔහු ඉතා නිර්භීතයි..එමෙන්ම දක්ෂයි ..නමුත් මා ඔහුට සිදුකරන දේ කිසිවෙකුට සිතාගත නොහැකි වේවි...

පාලක...හෙට සටන් පුහුණුවීමක් සූදානම් කරන්න...jia er හා මා අතර..ඔවුන්‍ට දන්වා සිටින්න එය...tai sun පැවසුවා..
එහෙමයි කුමරුනි...

Jia er....ඔබේ ආදරවන්තිය මා වෙත ලබාදීමට කාලය පැමිණිලා.....tai sun මත් පැන් බඳුන තොලගාමින් පැවසුවා.......

තව කොටස් දෙකයි.......ඉස්සරහට මොනව වේවිද.....

ඒ වගේම ඔයාල මට 1k ගන්න උදව් කරාට ගොඩක් ස්තූතියි...දිගටම මාත් එක්ක ඉන්න.....💚💚💚

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Where stories live. Discover now