100 Ways chapter 16💟

Start from the beginning
                                    

සාදරයෙන් පිලිගන්නවා tai sun කුමරුනි...සෙබලුන් පිරිස එකහඬින් පැවසුවා...
ස්තූතියි...
අහ්...jia er...ඔබව දුටුවේ බොහෝ කලකින්..ඔබ තවත් කඩවසම් වී ඇති බව පෙනෙනවා...tai sun jia er ගේ උරහිසට ගසමින් පැවසුවා..
කෘතඥ වෙනවා කුමරුනි..අප දැන් පිටත් වෙමු...

Tai sun කුමරුන්ට ආරක්ෂාව සපයමින් ඔවුන් රාජ්‍යට ලඟා වූවා...ඔහු පිලිගැනීම සඳහා පසුදින සාදයක් පැවැත්වීමට සූදානම් කර තිබුනා..
Jia er ගේ සිත ඉතා නොසන්සුන්...chun mei ඔහුගේ ඇස ගැටුනහොත් නිසැකයෙන්ම මහා විනාශයක් සිදුවන බව jia er දැන සිටියා..

පසුදින සාදය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වූවා...වාද්‍ය අංශයේ පිරිස කලින්ම පැමිණ සූදානම් වූවා..ඒ අතර jia er ඒ අසලට පැමිණියා...

Chun mei...
ඔබ මෙහි කුමක්ද සිදුකරන්නේ...chun mei විමසුවා...
ඔබ කිසිසේත්ම ඔහු දෙස බලන්න එපා..වැටහුනාද...jia er පැවසුවා...
ඔහු කෙසේ බැලුවත් ඔබ ඔහු දෙස බලන්න එපා chun mei...
එහෙමයි මා එසේ කරන්නම්...chun mei පැවසුවා..
මට ඔබව රැකගත යුතුයි chun mei..මා දැන් යායුතුයි එසේනම්...
Jia er පිටව ගියා...ඔහුගේ සිත බොහෝ කැලඹී ඇති බව ඇයටද වැටහුනා..

මඳ වේලාවකින් සාදය ආරම්භ වූවා...tai sun ඔහුගේ මත් පැන් බොමින් තරුණියන් දෙස බලමින් පිලිකුල් ලෙස හැසිරුනා...
මාලිගයේ සේවිකාවන් ඉතා රූමත් නේ...ඔහු අශෝභන ලෙස පැවසුවා...ඔහු එක් පාලිකාවක් දෙස බලා සිටියා..

අද රාත්‍රියේදී ඇයව මා වෙත රැගෙන එන්න...tai sun ඔහුගේ සේවකයකුට රහසින් කොඳුරන අයුරු jia er ට ඇසුනා..
මොහු වැනි පිලිකුල් සහගත අයෙකු මා කිසිදා දැක නැහැ..wen නිලධාරී jia er ට පැවසුවා..
වදන් ප්‍රවේසමෙන්..ඔහු එසේ නමුත් අපට ඔහුව යහමඟට ගත නොහැකියි...jia er පැවසුවා....

මඳ වේලාවකින් වාදනයන් ඇරඹුනා..
ඉදිරි පෙල ශිල්පිනියක් වූ chun meiද ඒ අතර වූවා...
මත්පැන් නිසා බොහෝ මත්වී සිටි tai sun වාද්‍ය ශිල්පිනියන් දෙස බැලුවා..

ඇය...කවුද ඇය..ඉතා රූමත්........

එක්වරම ඔහුගෙ කාමුක දෑස chun mei වෙත යොමුවූවා...
ඈ ශිල්පිනියක් කුමරුනි..සේවකයා පැවසුවා..
හ්ම්...එසේද...මට ඇයව හඳුනාගත යුතුයි...tai sun මත්පැන් බඳුන අතින් ගෙන අශෝභන සිනහවක් පාමින් පැවසුවා...

දින කිහිපයක් ගෙවී ගියා...jia er chun mei පෙර පරිදිම ආදරයෙන් හා විනෝදයෙන් කල් ගත කලා..එදා ඈ වෙත අවධානය දුන් නමුත් tai sun ට මත්පැන් නිසා ඈව අමතක වී ගියා...
මාස කිහිපයක් ගෙවීගියා..

ඒ අතරතුරේදී මාලිගය තුල අමාත්‍යවරුන් එක්වී රජුට විරුද්දව කැරැල්ලක් ඇතිකලා.ඔවුන්ගේ අරමුණ වූයේ රජු සිහසුනෙන් නෙරපා රජකම tai sunට ලබාදීමටයි..ඔහුගේ ස්වභාවය අනුව ඔහුව රූකඩ පාලකයෙකු ලෙස පාලනය කල හැකි බව ඔවුන් දැන සිටියා...

Jia er ඇතුලු සෙබල පිරිස කිරුල හිමි කුඩා කුමරුගේ මාලිගය ඉදිරිපිට රැකවල් ලා සිටියා...මඳ වේලාවකින් කැරලි කරුවන් කුමරුගේ මාලිගයට කඩා වැදුනා...ඔවුන්ගේ අරමුණ වූයේ කුමරු විනාශකොට කිරුලේ උරුමකරුවකු අහිමි කිරීමයි...
මාලිගයට ඔවුන් ඇතුලුවීම වලක්වාලීම සඳහා jia er ගේ මෙහෙයවීමෙන් යුත් සේනාව සටනෙහි යෙදුනා...

නමුත් වෙනත් පසෙකින් පැමිණි තවත්කැරලිකරුවන් පිරිසක් කුමරුගේ කුටිය වෙත කඩාවැදුනා...
එහි යම් අනතුරක් ඉව වැටුනු jia er මාලිගය තුලට දිව යන විටත් කැරලිකරුවන් කුමරුන්ව වටකොට ගෙන සිටියා...

කුමරුනි......
Jia er සැනෙකින් කුමරු ඉදිරියට පැන තනිව සටනෙහි යෙදුනා...
නමුත් එක්පසෙකින් පැමිණි අයෙක් කුමරුට අසිපත් පහර එල්ල කිරීමට සැරසෙන විට jia er කුමරුන්ව ආවරණය කරා...
එම අසිපත් පහර jia erගේ බාහුව හරහා ගමන් කලා........

ඒ සැනින් පැමිණි jia er ගේ සේනාව කැරලිකරුවන්ව විනාශ කරදැමුවා....
සෙන්පතිතුමනි..පුංචි කුමරු තවමත් බියෙන් jia er ට තුරුලු වී හඬමින් සිටියා..
බියවන්නෙපා කුමරුනි..සියල්ල අවසන්..ඔබ ආරක්ෂිතයි...jia er ඔහුව සැනසුවා...

සේනාධිපතිතුමනි..ඔබට තුවාලයි නේද...වෙදැදුරු වෙත යමු...cheng නිලධාරී කලබලයෙන් පැවසුවේ ඔහුගේ අතෙහි වූ කැපුම පෙන්වමින්...
එයට පෙර කුමරු ආරක්ෂා කල යුතුයි..එතුමාව මාගේ කාර්යාලයට ගෙනයමු..එහි ආරක්ෂිතයි..රජුට එය දන්වන්න...jia er පැවසුවා..
එහෙමයි සෙන්පතිතුමනි....cheng පිටව ගියා..

Chun mei අනතුරක.......😓

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Where stories live. Discover now