100 Ways chapter 13 💟

Start from the beginning
                                    

අවසන් වරට යමෙක් මගෙ හිස අතගෑවේ වසර 10ට පමණ පෙරයි...jia er දෑස පියාගෙන පැවසුවා...
කවුරුන්ද ඒ....
මගේ මෑණියන්...මා ඇගේ උකුල මත හිස තබාගෙන සිටීමට පුරුදු වී සිටියා...ඇයත් ඔබ ලෙසම මගේ හිස අතගෑවා.....jia er පැවසුවා........
ඇය අහිමිවිමෙන් පසු මා තනි වූවා...එතැන් සිට මා කිසිම සෙනෙහසක් පසුපස හඹා ගියේ නැහැ...නමුත් ඔබ ලඟ මා නතර වූවා...jia er ඇගේ මුහුණ අල්ලමින් පැවසුවා...

ඔබ පිටතට පෙන්වන තරම් දරදඬු නොවේ.....නොපෙනේද...හැසිරීම කුඩා දරුවෙකු වගේ...සුරතල් වීමටමයි පැමිණෙන්නේ...chun mei පැවසුවා....
එසේ ද සිතන්නෙ..මා ඔබ හිතන තරමට සුරතලෙකු නොවේ...බලා සිටින්න...දැනගත හැකිවේවි...මා දරුණු මෘගයෙක්...jia er පැවසුවා......
මා බොහෝ බියට පත්වූවා එසේනම්...chun mei පැවසුවේ ඔහුගේ නාසය මිරිකමින්...

සේනාධිපතිවරයකුගේ නාසය මිරිකීමට තරම් ඔබ නිර්භීත වූයේ කෙසේද...ඔබට මරණ දඬුවම ලබා දෙනවා...jia er පැවසුවා...
එසේද....chun mei මෙවර ඔහුගේ කනක් මිරිකුවා.....
ආ..ඔබ විශාල වරදක් සිදුකලේ....jia er ඇගේ උකුලෙන් හිස එසවූවා...
ඔබට දඬුවම් කරනවා...
ඊට පෙර මා අල්ලාගත යුතුයිනේ...chun mei නැගිට දිවගියා...
නොහැකි බවද සිතුවේ.....නැගීසිටි jia er ඈ පසුපස හඹාගියා....
Chun mei ට වැඩිදුර යාමට හැකිවූයේ නැහැ...
Jia er පැමිණ ඈව වැලඳගෙන අල්ලාගත්තා...

ඔබට එසේ පහසුවෙන් මා හැර යා නොහැකියි chun mei....jia er ඇගේ කනට කොට පැවසුවා....
ඔබ මා අල්ලගත්තා එසේනම්...එය නොවේ...බලන්න...හිරු බැස යන ආකාරය....chun mei ඈත අහස දෙස බලමින් පැවසුවා.........
හ්ම්.....ඉතා සුන්දරයි...ආ...ඔබට දීමට යමක් තිබෙනවා...jia er පැවසුවා...
කුමක්ද ඒ...........chun mei විමසුවා.....

Jia er ඔහුගේ කමිසය තුලින් දිගැටි පාර්සලයක් පිටතට ගත්තා...
මෙය ඔබ සඳහායි......jia er එය ඇයට ලබා දුන්නා...
Chun mei එය විවර කොට බැලුවා......
මෙය....ඔබ කෙසේද මෙය මිලදීගත්තේ...ඇය පුදුමයෙන් විමසුවා....
ඒ තුල වූයේ jia er මිලට ගත් ඒ හිස් පලදනාවයි....

මා දුටුවා...ඔබ එය ඉතා ආසාවෙන් තබාගෙන සිටි අයුරු...මා ඉතින් මිලදීගත්තා...jia er පැවසුවා...
ඔබට කෘතඥ වෙනවා....සේනාධිපතිතුමනි...මෙය ඉතා අලංකාරයි...එදින මා එයට බොහෝ ආසා කලා...ඔබ එය මා වෙනුවෙන් ලබාදුන්නා...chun mei බොහෝ සතුටින් පැවසුවා....

එය නොවේ...ඔබ තව කෙතරම් කල් මට සේනාධිපතිතුමා යනුවෙන් අමතනවාද...jia er විමසුවා...
එසේ නොවේනම් මා කුමක්ද පැවසිය යුත්තේ...chun mei විමසුවා.....
ඔබට නොහැකිද...මට jia er ලෙස අමතන්න...ඔහු විමසුවා...
නමුත්...මා කෙසේද..එසේ ඔබතුමා වැන්නෙකුට..........
ඇති...මමයි ඔබට පවසන්නේ...එසේ අමතන්න..නැතිනම් මට දුරස් බවක් හැඟෙනවා...jia er පැවසුවා......
එහෙමයි සේනාධිපතිතුමනි...chun mei පැවසුවා...
නැවතත් පැවසුවා...jia er ඈ දෙස රවාබැලුවා..
එහෙමයි jia er.....ඇය සෙමින් ඔහුගේ නමින් ආමන්ත්‍රණය කරන විට jia er ගේ මුවෙහි තිබුනේ සුන්දර සිනාවක්....

බොහෝ සවස් වෙලා...හිරු අවරට යාමට ඉතා ආසන්නයි....
ඔබ යායුතුයි නේද...jia er chun mei දෙස බලමින් විමසුවා...
එසේයි...ඇය දුකින් මෙන් පැවසුවා.....
ඔබ දුකින්ද chun mei...ඇගේ වෙනස වැටහුනු jia er විමසුවා.......
ඔබව දමා යාමට අකමැතියි මා...chun meiගේ හඬේ සුරතල් බවක් ගැබ්වීතිබුනා...
අපි නැවත හමුවෙනවනෙ ඉතින්...jia er ඇගේ මුහුණ බැලුවා..ඈ තොල සපාගෙන ඔහු දෙස බලා සිටියා...

Jia erට දැනුනේ දැඩි නොසන්සුන් බවක්...
ඔය ලෙස බලන්න එපා chun mei...මගේ සිතෙහි පාලනය ගිලිහීයනවා...jia er සිතුවා..

ඔබ කුමක්ද කල්පනා කරන්නේ...ඇය දෑස් විශාල කොටගෙන ඔහුගෙන් විමසන විට තමාගෙ පාලනය ගිලිහී යන බව ඔහුට වැටහී ගියා....

ඔබ කුමක්වත් පවසන්නෙ නැහැනෙ...මා යන්නම්...අමනාපයෙන් මෙන් ඈ නැවත හැරුනා.......
තම සිතෙහි පාලනය අන්තයටම සිඳී ගිය jia er එක්වරම ඇගේ අතින් අල්ලා තමා වෙත ඇදගත්තා....

Jia er ඔබ...................
Chun mei යමක් පවසන්නට උත්සාහ කලා...

නමුත් ඇගේ වචන අවහිර කරමින් jia erගේ දෙතොල් ඇගේ දෙතොලතර රැඳුනා...
Jia er ගේ දෑත ඇගේ ඉණවටා තදින් බැඳී තිබුනේ යදමක් ලෙසිනුයි......
Jia er ගේ පපුව මත රැඳී තිබූ chun mei ගේ දෑත් සෙමෙන් ඔහුගේ ගෙලවටා බැඳුනා...
Chun mei ගේ මුලු ගතම අමුතු උණුසුමකින් වෙලී යද්දී හිරු ද ලැජ්ජාවෙන් මෙන් කඳු මුදුන් අතර සැඟවී ගියේ තම අවසන් රශ්මි ධාරාවෙන් මේ ආදරණීය යුවල නහවමිනුයි..........

Chun mei ගේ මුලු ගතම අමුතු උණුසුමකින් වෙලී යද්දී හිරු ද ලැජ්ජාවෙන් මෙන් කඳු මුදුන් අතර සැඟවී ගියේ තම අවසන් රශ්මි ධාරාවෙන් මේ ආදරණීය යුවල නහවමිනුයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔන්න...1st kiss එක දුන්නෝ...කොහොමහරි ඒකට ගැලපෙන photo එකකුත් ඔන්න masha හොයාගත්තා...හිතෙන දේ කියාගෙනම යන්නකෝ...🌷

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Where stories live. Discover now