100 Ways chapter 10💟

Start from the beginning
                                    

ඔවුන් දෙදෙනාම පහන අල්ලාගෙන තමන්ගේ ප්‍රාර්ථනාවන් පැතුවා...
ඒ අතර jia er තම දෑස් පියාගෙන ප්‍රාර්ථනාවන් සිදු කරන chun mei දෙස බලා සිටියා..පහන් එලිය වැටුනු ඇගේ මුහුණ ඉතා සුන්දරව පෙනුනා....
ඇය දෑස් හැරියා......

එසේනම් මෙය මුදාහරිමුද...jia er ඇගෙන් විමසුවා...
ඇය හිස වැනුවා....
දෙදෙනාම තම පැතුම් ඉටුවේවායි පතමින් පහන තම දෑතින් මුදා හැරියා...
එය ඔවුන්ගේ පැතුම්ද රැගෙන ඈත අහසේ ඉහලට පාවී ගියා.....
Jia er හා chun mei එය අනෙක් පහන් අතර නොපෙනී යනතුරු එදෙස සිනාමුසු මුහුණින් බලා සිටියා...

සැණකෙලියෙන් පසු දෙදෙනාම නැවත නවාතැන වෙත පැමිණියා...

ඔබ විනෝද වූවාද...jia er විමසුවා...
එහෙමයි...ඔබට ස්තූතියි...තවමත් රසකැවිලි කමින් chun mei පැවසුවා...
දැන් විවේක ගන්න..හෙට උදෑසනින් පිටවිය යුතුයි...jia er එසේ පවසා පිටතට ගියා...

පසුදින උදෑසන දෙදෙනාම නැවත යාමට සූදානම් වූවා...
Chun mei සුපුරුදු පරිදි සුන්දරව සැරසී ගමන් මල්ලත් රැගෙන පිටතට පැමිණියා...

ඔබ සූදානම් නෙ...යමු...මෙය දෙන්න..jia er ඇගේ ගමන් මල්ල ඉල්ලාගත්තා...දෙදෙනාම නැවත අගනුවරට පිටත් වූවා..පැමිණි ආකාරයට වඩා පිටව යනවිට ගමන විනෝදයි...
Jia er chun meiට පොරොන්දු වූ පරිදි චෙරිමල් යායේ මඳ වේලාවක් ඔවුන් නැවතී සිටියා...

අවසානයේ සවස් වනවිට ඔවුන් cheng නිලධාරීගේ නිවසට ගොස් ෂැන්ව නැවත රැගෙන අගනුවරට පිටත් වීමට සූදානම් වූවා...

සේනාධිපතිතුමා...
කුමක්ද ගැටලුව...
මෙවර සෙමින් අසු පැදවිය හැකිද...chun mei විමසුවා...
හරි..එසේ කරන්නම්...ඔබ අසු පැදවීමට අකමැතිද...jia er විමසුවා...
ඔබතුමා උමතුවෙන්ද...chun mei පුදුමයෙන් ඇසුවා...
ඔබ මේ වනවිට මට උන්මත්තකයෙකු යැයි කීවරක් ඇමතුවාද...jia er සිනාසෙමින් පැවසුවා...
යමු...jia er අසුපිට නැඟ chun meiටද උපකාර කලා...

හොඳින් අල්ලා ගන්න...නැතිනම් වැටී මොහුටම පෑගී මියයාවි...jia er පැවසුවා...
කුමක්ද මං අල්ලා ගත යුත්තේ...chun mei විමසුවා...
මෙවැනි අඥාන තරුණියක්.. අල්ලාගත යුත්තේ අශ්වයාගේ වලිගයයි....පිටත් වෙමු....jia er ඇයට නොපෙනෙන සේ සිනාසෙමින් අසු ඉදිරියට එලෙව්වා...
Chun mei පැමිණි ලෙසම jia er ව අල්ලාගත්තා....

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Where stories live. Discover now