100 Ways chapter 6💟

ابدأ من البداية
                                    

ඔවුන් පාගමනින් ඉදිරියට ඇදුනා...jia erට වෙහෙසක් නොදැනුනත් chun mei නම් ඔහු සමඟ හති දමමින් ඉදිරියට ඇවිද ගියා...නමුත් jia er තරම් ඇය වේගවත් වූයේ නැහැ...

ඔබට මඳක් සෙමින් ගමන් කල නොහැකිද....මඟ නතරවූ chun mei උස් හඬින් විමසා සිටියා...
ඔබ තරුණියක් නේද...මැහැල්ලක් නොවේනෙ...ඉක්මනින් පැමිණෙන්න...jia erද පැවසුවා...
මට නොහැකියි...මා තවත් ගමන් කරන්නේ නැහැ...ඇය බිමින් වාඩිවුයේ ගමනට විරුද්ධ වෙමින්...
ඇගේ මුරණ්ඩු කම් jia erව කෝප ගැන්වූයේ නම් නැහැ...ඔහු පහසුවෙන් ගමන් කලද මෙවැනි තරුණියකට ගමන තරමක් අපහසු බව ඔහුට වැටහුනා...නමුත් ඔවුන් පසුකරමින් සිටියේ නැවතීමට සුදුසු ස්ථානයක් නොවන බවත් jia er දැන සිටියා...

ඔබ එසේ නම් තනිව අසුන්ගෙන සිටින්න...මෙම වනාන්තරයේ වෘකයින් ඔබව රාත්‍රී ආහාරයට ගන්නා බව නිසැකයි...මා පිටත් වනවා...jia er ගමන් කරමින්ම පැවසුවා...
කුමක්ද......වෘ..වෘකයින්.....බියවූ chun mei වහා නැගිට jia er අසලටම දිව ගියා...
සැබැවින්ම මෙහි වෘකයින් සිටිනවාද..ඇය විමසුවා...
එසේයි...මෙම වනයෙහි වෘකයින් බහුලයි...මා නොනැවතුනේ තව මඳ වේලාවකින් ඔවුන් පැමිණිය හැකි නිසයි....
Jia er පැවසුවා...

සෙන්පතිතුමනි....
පවසන්න....
ඔබ මෙම රාජකාරියෙන් පසු මාහට සත්‍ය වශයෙන්ම දඬුවම් ලබාදෙනවද...ඇය විමසුවා...
එසේයි...ලබාදෙනවා....jia er පිලිතුරු ලබා දුන්නා....
මට දැන්ම මියයා නොහැකියි....chun mei පැවසුවා...
නමුත් ඔබට මියයාමට සිදුවෙයි...jia er ඇයව බියට පත් කලා...
මට කමා කරන්න...මා ඔබතුමා කවුරුන්දැයි නොදැනයි පහර දුන්නේ...ඇය කෙඳිරිලි හඬකින් පවසා සිටියා....

එසේ වුවත් ඔබ දැන්............jia er chun mei දෙසට හැරුනා...
ඇය ඔහු දෙස බලාසිටියේ බියපත් වූ සාවෙකු ඔහු දෙස බලාසිටින අයුරින්...
විශාල කරගත් දෑස රත් පැහැවූ කම්මුල් හා වෙව්ලන දෙතොල් සහිතව ඈ බලා සිටියේ හැඬීමට සූදානම් වූ ළදැරියක් ලෙසයි...

Chun mei....ඔයලෙස බලන්න එපා...කරුණාකර....මට මා පාලනය කර ගත යුතුයි...කරුණාකර නවතන්න....jia er සිතින් නොකඩවා පැවසුවා......

කුමක්ද කරන්නේ...ඉක්මනින් යමු.... ඉවත බලාගෙනම පවසමින් ඔහු මඳක් ඉදිරියට ගියා...
Jia er ඇය පැමිණෙනවාදැයි නැවත හැරී බැලුවා...නමුත් ඇය එම බැල්මෙන්ම බලා සිටියා...සෙන්පතිතුමාගේ හද ගැස්ම පිටතටත් ඇසෙන ලෙසින් වේගවත් වෙලා...

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]حيث تعيش القصص. اكتشف الآن