100 ways...❤️💟❤️

1.3K 126 77
                                    

100 ways chapter 1

Lun ha ඔවුන් නවාතැන් ගෙන සිටි කාමරය වෙතට පැමිණියේ ඉතා නොයිවසිල්ලෙන්....
ඇය පැමිණි වහාම කැඩපත ඉදිරියේ සිට හැඩවැඩ වූයේ ඉතා කඩිනමින්...

Lun ha...කුමක් නිසාද මෙවැනි කලබලයකින් පුයර ගල්වන්නේ...කුමක් හෝ විශේෂ කිසිවෙකු පැමිණේද...? ඇය හැඩවෙන අයුරු බලා සිටි ඇගේ හොඳම මිතුරිය වූ chun mei විමසුවේ සිනාමුසු මුහුණින්.....

ඇයි ඔබ කිසිවක් නොදන්නේද...අප රජතුමා ඇතුලු සේනාව මොංගෝලියානු සේනාව සමඟ පැවති යුද්ධයෙන් ජය අරන්...ඉතින් අද ඔවුන් රාජකීය පෙරහැරකින් නැවත පැමිණෙනවලු...lun ha පැවසුවා...

ඉතින්...කුමක්ද එහි ඇති විශේෂත්වය...මා නම් කල්පනා කරන්නේ ඊලඟට ඔවුන්ගේ රාජකීය උත්සවයේ වාදනයන් සම්බන්ධව..chun mei තමා අසල වූ ගයාගුම් වාද්‍ය භාණ්ඩයේ තත් පිරිමදිමින් පැවසුවා...

එහි විශේෂත්වය නම්...අපගේ රජතුමාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී තුමත් පැමිණෙනවලු...ඔහු යුධබිමේදි රජුගෙ දිවි බේරූ බව සියල්ලන් පවසනවා...අනික නම් ඔහු ඉතාමත් කඩවසම් තරුණයෙක්ලු...lun ha සිහිනයෙන් මෙන් පවසා සිටියේ chun meiගේ මුවට සිනා නංවමින්...

ආ...එසේද මේ හැඩවැඩ වන්නේ...රජතුමා මෙන්ම ආරක්ෂක නිලධාරීන් ඉතා කඩවසම් බව මා හටත් දැනගන්න ලැබුනා...නමුත් ඔය උසස් නිලධාරීන් අප වැනි වාද්‍ය ශිල්පිනියන් පිලිබඳ තැකීමක් සිදු කරන්නේ නැහැ...

එසේ වුවත් මට ඔවුන්ව දැක ගැනීමට අවශ්‍යයි...ඔබ පැමිණෙන්නේ නැතිද chun mei...lun ha විමසුවා...
මා පසුව පැමිණෙන්නම්...ඔබ පිටව යන්න...chun mei පැවසුවා...

Lun ha කඩිනමින් ගොස් වීදිය දෙපස එක්‍ රැස් වී සිටි ජනතාව අතර වූ ඇගේ මිතුරියන් පිරිසකට එකතු වුණා...

මඳ වේලාවකින් තූර්යවාදන සමඟ පෙරහැර පැමිණියා...ජනතාව ජයඝෝෂා නගමින් ඔවුන් පිලිගත්තා.....

අන්න.....ඒ ඔහු.....වීදිය දෙපස සිටි තරුණියන් සියල්ලම පාහේ ඔහු දෙසට අවධානය යොමු කලා...රජතුමාට පසෙකින් කලු පැහැති අශ්වයකු පිට නැගී සන්නාහ පැලඳ ඔහු ගමන් කලේ ඉතාමත් තේජවන්ත ලීලාවකින්....

⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin