60 කොටස

288 61 101
                                    


Devinda's POV

"හාහ්!"
මම ඔෆිස් එකෙන් ඇවිත්  සාමාන්‍යයෙන් මම බ'ත්ඩේ කේක්ස් ගන්න ශොප් එක ළඟ වාහනේ නතර කරලා බැහැලා ඇතුළට ගියේ පෙරේදා  දුන්න ඕඩර් එකට කේක් එක හදලා කියලා රශෙල් ආන්ටි කෝල් කළ නිසා වගේ ම මමා මඟින් මඟට මට කේක් එක මතක් කරපු නිසා...

"ගුඩ් ඊවනින් සර්..."
කවුන්ටර් එකේ හිටිය කෙල්ල මං එක්ක හිනාවුණා ම මං ඒකි එක්කත් යන්තමට හිනවීගෙන ඔලුව වනලා ඇතුළට ගියා...ඒ කෙල්ල මට ලයින් කියලා මම දන්න නිසා ම මම දුර තියලා ආශ්‍රය කළේ...

මෙතන තමයි අපෙ හොටෙල්ස් වලට ගන්න කෙල්ලො කොල්ලො පේස්ට්‍රි ඇන්ඩ් බේකරි අයිටම්ස් කෝස් එකයි කේක් ඩෙකරේශන් කෝස් එකයි කරන්නෙ... ඉතින් ඩැඩා මට ලංකාව ඇතුළෙ හොටෙල්ස් දෙක තුන බලන්න දුන්නට පස්සෙ මම නිතර මෙහෙ යනවා එනවා...

මින්දිත් නිතර ම වගේ මෙතනට එනවා යනවා...එයා ඉන්න දවසට මම ආවොත් මට පැයකට යන්න වෙන්නෑ... අද කෙල්ල ඉන්න එපා කියලා හිත හිත එක අතක් සාක්කුවට දාගෙන අනිත් අතින් ෆෝන් එකේ මමාගෙ නම්බර් එකත් ඩයල් කරන ගමන් ඇතුළට ගියත්...

"ශාන් අයියේ!"
කෙල්ල මාව දැකලනේ!මේ කේක් ශොප් එක මින්දිගෙ මමාගෙ....

මින්දි ශිහාරා අල්විස්...

මින්දි මට වඩා අවුරුද්දක් බාලයි, නර්සරි කාලෙ ඉඳලා ම මම දන්න කෙල්ලෙක්... ඉස්සර මින්දි හිටියෙ කොළඹ... ඒකිගෙ තාත්තා නේවි එකේ ලොකු පෝස්ට් එකක් තියෙන මනුස්සයෙක්...අම්මා නේවි නර්ස් ඉඳලා දැන් මේ ශොප් එක කරනවා... කෙල්ලට උගන්නන්න එහෙට වෙලා ඉඳලා දැන් ඉන්නෙ නුවර...නුවර කියන්නෙ නුවර බස් ස්ටෑන්ඩ් එක පේන දුරේ පහළ තට්ටුවෙ ශොප් එක උඩ තට්ටුවෙ ඒකි අම්මා එක්ක ගොඩක් දවසට නතර වෙලා ඉන්න ගෙදර...අනිත් ගෙදර තියෙන තැන මම දන්නෑ...

කොහොමහරි මේකිව මට බන්දලා දෙන්න අපෙ ග්‍රැනීටයි රශෙල් ආන්ටිටයි ලොකු උවමනාවක් තියේ...ඒක බලෙන් කරේ එල්ලන එකක් නෙවෙයි ඉතින්... අරහෙන් මෙහෙන් කියලා තියෙනවා... කෙල්ලත් මට කැමතියි කියලා එක වෙලාවකට හිතෙනවා...ඒත් තව වෙලාවකට හිතෙනවා ඒකි මාව සෙල්ලමට ගන්නවද කියලත්...

හුස්මක් දුරින්...Onde histórias criam vida. Descubra agora