40 කොටස

526 81 83
                                    

"මට මේක තවත් කරන්න බෑ විහා.... ඇයි අම්මලා තේරුම් ගන්නෙ නැත්තෙ?"

"දැන් ආන්ටි දන්නවද කවියා ගැන..."

"නෑ...ඒත් මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා දන්නවා...අම්මා මාව දකින දකින වතාවට කෑ ගහනවා ඕක විකාරයක් ඔය කාලෙට ඔහොම හිතෙනවා පුතා මට තේරුම් ගන්න පුළුවන්...ඒත් ඕක ආදරේ නෙවෙයි... ඕව කල් තියෙන දේවල් නෙවෙයි කියලා...

මම දන්නවා අම්මා සාධාරණයි... එයාලට එකම දරුවා මම වුණාම මං ගැන හීන කන්දක් ඇති....ඒත් ඒ හීනවලට පණ දෙන්න ගිහින් මට මැරෙන්න බෑ බං!

අකීව අතාරින්න වුණ-"

"හිතන්නවත් එපා!"
මේන් ඩෝ එක පැත්තෙන් ඇහුණ සද්දෙට අපි දෙන්නම ගැස්සිලා ගියා... ඇවිත් හිටියෙ කවිනු එක්ක ශාලුක... යෙහාත් අද උදේ ඉඳලා මෙහෙ...

"නවී..."
මෙච්චර වෙලා සෝෆා එකේ පිලෝ එකක් බදාගෙන කදුළු පිහදදා කියව කියව හිටිය තේනුවා දුවගෙන ගිහින් කවියගෙ ඇඟේ එල්ලුණාම කවියා ඌව තනි අතින් බදාගෙන සෝෆා එක ළඟට ආවා...

යෙහා සද්ද නැතුව ම ශාලුකට නොඩ් එකක් දීලා වින්ඩෝ එකෙන් එළිය බලාගෙන හිටියා...ඌ නංගිව ආලියා එක්ක ශොපින් යවලා මෙහෙ ඇවිත් තිබුණෙ...මගෙන් බලු පැටවු ගැන ඇහුවා නංගිට පාළුවට එක්කෙනෙක් ගෙනත් දෙන්න කියලා...

දැන් දවස් දෙකක විතර ඉඳලා තේනුකගෙ අම්මා කියන දේවල් නිසා තේනුවා අඬාගෙනමයි...ඒ මදිවට පෙරේදා මොකකට හරි මල පැනලා කවියත් තේනුට බැනලා තිබුණා...ඌ එදා රෑ එළි වෙනකල් ම අපාට්මන්ට්  එකට වෙලා මාව බදාගෙන කියව කියව ඇඬුවා...

"මම දැන් වතාවක් දෙකක් තුනක් ඇහුවා බබා...මම ගෙදරට ඇවිත් කතා කරන්නද? එහෙම බැරි වෙන්න කොන්ද පණ නැති නෑනෙ මගේ...මට බැරි නෑ ඔයාට වියදම් කරන්න...මට අපේ අප්පච්චි ඕනත් නෑ...ඔයා ඒක දන්නවා...ඉතින් ඇයි බොරුවට අඬ අඬ ඉන්නෙ? ඔයා දන්නවා මට කේන්ති යන එක වෙන්නෙ ඔයා ඔහොම අඬද්දි..."
කවියා තේනුකගෙ උරහිසට තට්ටුවක් දාලා කියද්දි අපි තුන් දෙනාම තේනුක දිහා බලන් හිටියෙ...

"මට එයාලාට රිද්දන්න බෑ..."

"දැන් තමුසෙට මේක නවත්තන්නද ඕන නවීෂ්?"
කවියා අත මිටි කරලා සෝෆා එකට ගහලා කෑ ගහද්දි ශාලුක කවියව අල්ලගත්තත් ඒ සද්දෙට තේනු ගැස්සිලා පැත්තකට වුණා...

හුස්මක් දුරින්...Место, где живут истории. Откройте их для себя