15 කොටස

493 77 58
                                    

♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

"සේපාලිකා මලයි...
සුදු පාට මීදුමයි....
හරි ලස්සනයි සුදුයි....
ඇත්තටම ඔබ වගෙයි...."

මම මියුසික් රූම් එකට යද්දි ශාලුක පියානෝ එක දිගේ තාලෙකට වම් අතේ ඇඟිලි ඇදගෙන යන ගමන් මුමුණ මුමුණ හිටිය සින්දුව ඇහුණා ම මට හිනා ගියා...

"මන්දාරමෙන් එහා....
දෙව්දුවක් ඇති බලා...
මට යන්න දෙන්න සියුමැලියේ....
සුවඳ සොය සොයා....
මේ රාත්‍රියම නිසංසලයි...
ඒත් ඔබ නිසා...."

ශාලුකගෙ ගැඹුරු කටහඬ කාමරේ ඇතුළෙ දෝංකාර දෙද්දි මම මං ආව බවක් අඟවන්නෙ නැතුව හිටිය තැනම හිටගෙන හිටියා...එයා සමහරවිට ඇස් පියාගෙන ඇත්තෙ...අද ට්‍රැක් කිට් ඇවිත් ඉන්නෙ මොනවට හරි ඉස්කෝලෙන් එළියට යනවද දන්නෙ නෑ...

අපිට ලබන සඳුදා ඉඳලා ටර්ම් ටෙස්ට්... මේ පාරත් එක්සෑම් එක දවසට සීයා එක්ක කොහෙහරි යන්න තියා ගනීවිද දන්නෑ...ඒකත් අහන්න ඕනෙ...

ශාලුක ඇස් පියාගෙන අනිත් අතත් පියානෝ කීස් උඩ තියාගනිද්දි මම අරගෙන ආව චිත්‍රෙ දාපු ෆයිල් එක අත් දෙකෙන් පපුවට තුරුල් කරගෙන පිටිපස්සෙන් තිබුණ බිත්තියට මේස් එක දාලා තියෙන කකුල බර කරගෙන හේත්තු වෙලා ශාලුක දිහා බලාගෙන හිටියා....

එයාගෙ බෙල්ලෙ පැත්තක ප්ලාස්ටර් එකක් ගහලා... තුවාල කරගෙන ද මන්දා...ශාලුකගෙ කොණ්ඩෙ පහුගිය ටිකේ වැවිලා තිබුණට එයා දැන් ආයෙ කොණ්ඩෙ කොට කරලා...එයා කිසි කලබලයක් නැතිව සින්දුවෙ තාලෙට පැද්දෙන ගමන් සින්දුව කියාගෙන යද්දි මම තත්පර ගානකට සින්දුවෙ කියන්නෙ මං ගැන වෙනවා නම් කියලා කල්පනා කළත් දවසක ශාලුක මගේ වුණොත් කියන සිතිවිල්ලට කම්මුල් දෙක රතු වීගෙන එද්දි මම බිම බලා ගත්තා....

"මල් පිපෙන තුරු ලතා...
මද සුළඟෙ නැළවුණා...
සිත දකින දකින සිහිනෙදි ඔබ...
මට මතක් වුණා...
ඇසිපිය හෙලන්න මොහොතක්වත්...
මතක නැති වුණා..."

හ්ම්...දන්නවා මම කරන්නෙ මට රිද්දගන්න එක...මම ඇස් ඇරගෙන හීන දකිනවා...මට ම බොරුවට බලාපොරොත්තු දිදී මාව ම රවට්ට ගන්නවා...

හුස්මක් දුරින්...Waar verhalen tot leven komen. Ontdek het nu