_One year Later_"ආත්තම්මා...ඔයාට ලේට් වෙන්නෙ නැද්ද?"
"මට තව විනාඩි විස්සක් විතර යනවනෙ සුදු මහත්තයා.. අර මනුස්සයා අරම දාලා එන්න බෑනෙ පුතේ..."
ආත්තම්මා හැමදාම ගමනක් යන්න අඳින ඔසරිය වෙනුවට බතික් ගවුමක් ඇඳගෙන සීයප්පච්චි ඉන්න රූම් එක පැත්තට යද්දි ගාඩ්ලා දෙන්නෙක් ලොකු වතුර බේසමක් උස්සගෙන යනවා දැක්කත් මම දැක්කෙ නෑ වගේ හිටියා...සීයප්පච්චි පැරලයිස් වෙලා දැන් මාස හතරක් විතර... එයාගෙ ඇඟේ දකුණු පැත්ත පණ නැති වෙලා...
ඇත්තම කිව්වොත් කරුම විපාක දෙනකල් ඉවසන්න බැරි නිසා ස්ක්‍රිප්ට් එකේ හැටියට මටයි ලොකු අයියටයි සිද්ධ වුණා එහෙම කරන්න....එදා මම ඉන්ජෙක්ෂන් එක අතේ තියන් පිස්සෙක් වගේ හිනාවුණ විදිය දැන් මතක් වෙද්දිත් මගෙ ඇඟ හිරි වැටෙනවා...
'සේපාල දේවේන්ද්‍ර ආරච්චි...එකපාර මැරෙන්න හොඳ නෑ! විඳවන්නයි ඕනෙ! හැමදේම තමුන්ගෙ පාලනයෙන් පිට යන දිහා බලාගෙන...කිසිම දෙයක් කර ගන්න බැරිව අසරණ වෙන්නයි ඕනෙ!'
මම පිස්සෙක් වගේ හිනා වෙවී කියවද්දි සීයප්පච්චිගෙ ඇස් ලොකු වුණ විදිහ... ලොකු අයියා පැය දොළහකට විතර සෙඩේට් වෙන්න ඩ්‍රග්ස් දුන්න විදිය... සීයප්පච්චි පහුවදා පාන්දර එළියට ආවෙ නැති නිසා ගාඩ්ලා චෙක් කරන්න ගියපු විදිය...පොඩි අයියයි කවියගෙ අප්පච්චියි බය වෙලා වගේ සෝ කෝල්ඩ් අගමැතිතුමාව හොස්පිට්ල් අරන් ගිය විදිහ...ඒ හැමදෙයක් ම අස්සෙ සීයප්පච්චි කතා කරගන්න බැරිව...මගෙ බෙල්ල මිරිකන්න අත උස්සගන්න බැරිව ඇස්වලින් මාව ගිනි තියන්න හදන ගමන් කාටවත් පැහැදිලි නැති දේවල් උගුර යටින් ගොරව ගොරව කෑ ගහපු විදිහ... හැමදේම ඇස් පනාපිට මැවිලා පෙනෙද්දි මම දරුවගෙ අතින් අල්ලගෙන එළියට බැස්සා...පුතූට දැන් අවුරුදු දෙකක්....තනියම ටිකක් දුර ඇවිදන් යනවා දැන්...වචන පේළි කතා කරනවා...කොල්ලා දඟයා... මට පණ ඇරලා...තේනුකව කවියව අසලියා නංගිව දැක්කා ම මේකට ඊට එහා දෙයක් නෑ...නැටිල්ල තමයි... යෙහා එනකන් බලන් ඉන්නෙ කාර් එකේ රස්තියාදු ගහන්න...කේශව් අයියව හොයන්නෙ කාටහරි සැර දාන්න ඕන වුණාම...අමුතු අමුතු විගඩන් පොඩි මෑන්ස්ගෙත් තියෙන්නෙ...
![](https://img.wattpad.com/cover/362416911-288-k717170.jpg)