59 කොටස

284 64 62
                                    


"දැන් ඔය උඹ කියන්නෙ උඹ මේවා සේරම මට දෙනවා, දීලා මෙහෙන් යනවා ආයෙ හොයන්නෙ නෑ කියලද?"
ඉනුක අහද්දි මම ඔව් කියන්න ඔලුව වැනුවෙ ටේබල් එක උඩ ටික ටික කූල් බහින මගෙ සොෆ්ට් ඩ්‍රින්ක් එක දිහා බලන ගමන්...

"මම මගේ කර ගන්න මෙච්චර ගේමක් ගැහුව දේපල සේරම එකපාර මට දෝත පුදලා දෙන්න උඹ ඊයෙ රෑ රහත් වුණාද!?"

"නෑ...මම ඕක සෑහෙන කල් ඉදලා ප්ලෑන් කළා...මට එපා දේවල් මට එපා ම තමයි ඉනුක...ඒත් නමට හරි මගේ දෙයක් අනිත් උන් උදුරද්දි මට ආස හිතෙනවා ඒක මගේ කියලා පෙන්නන්න...නැතුව මම එපා දේවල් වලට හිත හදාගෙන ආස වෙන මිනිහෙක් නෙවෙයි!"

"මට උඹව තඹේකට විශ්වාස නෑ! ඇරත්සීයප්පච්චිට අප්පච්චිට කරපු දේවල් නිසා මට තවටත් සැක හිතෙනවා විතරයි..."

"උන් දෙන්නා ලිමිට් පැන්නා!මම ඒකටයි රිටන් එක දුන්නෙ...තමුසෙගෙ ඔලුව නරක් කළෙ අප්පච්චි...ඇරත් අක්ෂිට වුණ දේ...තමුසෙගෙ ප්ලෑන් එකේ කොටසක් නෙවෙයි...

තමුසෙ තමුසෙගෙ හොර ගෑනි ලව්වා මගෙ හුස්ම හිර කෙරෙව්වෙ නැත්තන් මේ ප්‍රශ්න නෑ... ඇත්ත... ඒත් තමුසෙවත් ඒ ගෑනිවත් දැනගෙන හිටියෙ නෑ මගෙ ලෙඩේ ගැන...සෝ මම අහක යන ගැරඬි මරන්නෑ...වද දෙනවා ඒත් වෛර බැඳන් මගෙ අත්වල ලේ ගාගන්න වැඩ කරන්නෙ නෑ!"

"හ්ම්...ඇයි මගෙ ලෝයව හයර් කරන්නෙ?"

"තමුසෙට මාව ශුවර් නැතුව මගෙ ලෝයව කීයටවත් ශුවර් නෑනෙ...ඒකයි...

අම්මවයි අත්තම්මාවයි බලාගන්නවා! මම තව මාසෙකට වඩා මෙහෙ ඉන්න එකක් නෑ!මෙතන සයින් කරලා ට්‍රාන්ස්ෆර් එක කන්ෆර්ම් කරන්න...

DA Leaves branches දෙක ඇරෙන්න සීයප්පච්චිගෙන් මට ආව ප්‍රොප'ටීස් සේරම...හොටෙස්ල් රෙස්ටොරන්ට් හැම එකක් ම තමුන්ගෙ...ඉඩම් අක්කර ගණන් මට මතක නෑ...හැම එකක්ම...

බදුල්ලෙ වලව්ව ආත්තම්මා නැති වුණ දවසක සම්පූර්ණ අයිතිය තමුන්ගෙ.. වලව්ව කිව්වාම එතනට ඒ වටේ තියෙන ඉඩම් ටික අයිතියි...තේ ඉඩම් ටික නැතුව අනිත් ඒවා...වලව්වෙ ඇත්තු තුන් දෙනාගෙ අයිතියත් තමුන්ගෙ...

මෙච්චර කල් මගෙ යටතෙ ගිය ඩීල්වල සේරම රෙස්පොන්සිබිලිටීස් ටිකත් තමුසෙගෙ, ඒ සල්ලි තිබුණ අකවුන්ට්ස් සේරම ට්‍රාන්ස්ෆර් කළා මම...

හුස්මක් දුරින්...Where stories live. Discover now