56 කොටස

291 61 79
                                    


"විජේසූරිය!!"
උදේ පාන්දර කවියලාගෙ මැන්ශන් එකේ සීයප්පච්චීගෙ කටහඬ දෝංකාර දෙද්දි ඇහැරුණ වෙලාවෙ ඉඳලා දරුවගෙ මූණ දිහා බලාගෙන හිටිය මට හිනා ගියා...

"පහන්ට පහළට එන්න කියනවා! මේ දැන්ම!"
සීයප්පච්චි කෑ ගහද්දි මම දරුවා ඇහැරෙන්නෙ නැති වෙන්න හෙමින් ඇඳෙන් බැහැලා ශර්ට් එකත් හදාගෙන කාමරේ දොර වහලා එළියට ආවෙ සීයප්පච්චි උඩට ආවොත් දරුවා ඇහැරෙන නිසා...

"අගමැතිතුමා පුංචි මහත්තයා ඊයෙ ර්-"

"සීයප්පච්චි..."

"තමුන් මොකද්ද කරන්න හදන්නෙ පහන්!? "
සීයප්පච්චි අත පුරවලා ම මගෙ කනට ගහද්දි මම බිම බලාගත්තෙ මම මේක මුල ඉඳලා ම බලපොරොත්තු වුණ නිසා...

"උත්තර දෙනවා පහන් තමුසෙට කවුද උදව් කළේ මොකද්ද මේක පිටිපස්සෙ තියෙන ප්ලෑන් එක ආආ?"
සීයප්පච්චි මාව පඩිපෙළේ අත් වැටට හේත්තු වෙන විදියට මගෙ බෙල්ල අතින් හිර කරන ගමන් අහද්දි මට තනි අතින් ඒ නාකියව තල්ලු කරලා දාන්න පුළුවන් වුණත් මම අත් දෙක සාක්කු දෙකට දාගෙන සද්ද නැතුව ඒ කපටිකම තණ්හාව උතුරන තමන්ගෙ හැමදේම නැති වෙයි කියලා බය පිරුණ ඇස් දෙක දිහා බලාගෙන හිටියා...

තමුන්ගෙ ඇස් ඉස්සරහ මම හැමදේම නැති කරලා දානවා!

"හිතාගෙන ඉන්නෙ වොයිස් එකක් ලීක් කරලා මට මොනවා කරන්නද ආආ? තමුන්ට මගෙත් එක්ක කතා කරන ගමන් රෙකෝඩ් කරන්න තරම් හයියක් තිබුණද ආආ!"
සීයප්පච්චි මාරුවෙන් මාරුවට මගෙ කම්මුල් දෙකට ගහගෙන ගහගෙන යද්දි මම අත් දෙක මිට මොලව ගෙන ඔලුව නවාගෙන හිටියා....

ඊතලයක් වුණත් ඉස්සරහට යන්න කලින් පස්සට ඇදෙනවා පහන්.... ඔයාට මේ වතාවෙ ඉවසන්න වෙයි...

නැන්දගෙ වචන ඔලුවෙ ඇතුළෙ ආයෙ ආයෙ ඇහෙද්දි මම ඇස්දෙක පියාගෙන හිටියා...

"උත්තර දෙනවා පහන්!"

"මම මොනවත් කළේ නෑ..."
මම හෙමින් මුමුණද්දි සීයප්පච්චි ළඟ තිබුණ පුටුවකට පයින් ගහලා සුදු සරමෙ වාටිය අතින් අල්ලගෙන කේන්තියෙන් අනිත් පැත්තට හැරුණා....

"මූව බේස්මන්ට් එකට ගෙනිහින් දාපන් අධිකාරී! මොනවාම හරි කරලා...වචනයක් අරන් තියපන් මම අහද්දි! හුස්ම වැටුණා ම ඇති!

හුස්මක් දුරින්...Where stories live. Discover now