27 කොටස

251 53 103
                                    


"උඹලයි වලව්වත් අර අවුරුදු පන්සීයක් විතර පරණ එකක්ද බං... පුරුදු ටෝන් එකෙන් ඇවිද්දොත් කඩන් වැටෙයිත ඒයි"
යෙහා දබරැඟිලි දෙක එකට පූට්ටු කරගෙන හෙන දොන්ත වොයිස් එකකින් අහද්දි ශාලුක ඌට රැව්වා...

"ආත්තම්මා දැන් ඉන්නෙ පරණ වලව්වෙ නෙවෙයි... අළුත් එක හදලා තියෙන්න අප්පච්චිලා පොඩි කාලෙ..."

"එතකොට පරණ වලව්ව? ඒකෙ හොල්මන් හිටියද? ඒකද කැඩුවෙ ඔයාලා ඒක?"
තේනුක ඇස් දෙකත් ලොකු කරගෙන අහද්දි කවියා තේනුකගෙ ඔලුවට ඇඟිල්ලෙන් ඇන්නා...

"ඒක කැඩුවෙ නෑ තේනුවා... හැබැයි කවුරුත් ඒකට යන්නෙ නම් නෑ ඉතින්..."

"අපි යමුද!? විහා...උඹ එනවනෙ... යමන්කො?"
තේනුක ශීට් එකට උඩින් ඇදිලා මගෙ ශර්ට් එකෙන් අදින ගමන් අහද්දි මට හිනා ගියා...

"ඇත්තටම හොල්මනක් හිටියොත්?"

"දුවමු?"

"අනේ නිකා ඉඳු බං...මුන්ගෙ ආත්තම්මගෙ හැරමිටියෙන් කන්න ඕන නැත්තන් පාඩුවෙ ඉමු..."
මම තේනුකට කියද්දි යෙහා දෙවනි සීට් එකට උඩින් ඉස්සරහට දාගෙන හිටිය කකුල් දෙක පහළට දාලා අපිට මූණ පේන විදිහට සීට් එකේ වාඩිවුණා...

"අඩෝ සිරාවට නේ!! වලව්වෙ මැණිකෙලා හෙන වසයිනෙ...උඹට නැද්ද අර හුස්ම ගත්තත් පැටලෙන්න එන වස නපුරු නැන්දා කෙනෙක්?"

"නැන්දා කෙනෙක් නම් ඉන්නවා...ඒත් එයාගෙ ආදරේ මට දිරව ගන්න බැරුව ඉන්නෙ...බැලූ වෙලාවක් ඇත්තන් පුංචි හාමුට ම මවපු ඤෑඤෙක් චමයි පුංචි හාමුච ඉඤ්ඤෙ ගාගෙන ඉන්නෙ එයා...

ඒත් අසෙනිට කොල්ලෙක් ඉන්නවා... ඒකි මට වේලාසන ම කිව්වා ඒකිට වද නොදී වෙන ඕන ඇතක් බලාගනින් කියලා..."
ශාලුක සැරින් සැරේ මගෙ දිහත් බලන ගමන් කියද්දි මම හිනාවෙලා ඉස්සරහ බලාගත්තා...

එයා අනිත් අයට විස්තර කියනවට වඩා මට තේරුම් කරන්න හදනවා කියලා තේරුණා ම මම එයාගෙ ඇස් මඟෑරියා...මම නොදන්නවා නෙවෙයිනෙ වලව්වෙ උරුමක්කාරයා වුණාම අනිවාර්යයෙන්ම වලව්වෙන් එයාට ගෑණු ළමයෙක් හොයන බව... මම නොදන්නවා නෙවෙයි එයා මාව තේරුවොත් එයාට වලව්ව අතාරින්න වෙන බව...

හුස්මක් දුරින්...Where stories live. Discover now