21 කොටස

472 79 125
                                    

Shaluka POV

"දැන් උඹ මොකද්ද කිව්වෙ කොල්ලට?"

"ම-මම...මං දන්නෑ බං..."

"ඒක යකාගෙ කතාවක්නෙ භල්ලෝ උඹ කිව්ව එක මමද දන්නෙ එතකොට?"
කවියා මට ළඟ තිබුණ කොට්ටෙකින් ගහද්දි මම අත් දෙක අස්සෙ ඔලුව ඔබා ගත්තා...

"උඹ කොල්ලට බැන්නද?"

"නෑ.."

"උඹ ඌව ඇක්සෙප්ට් කළාද?"

"නෑ!"

"එහෙනම් මොන හුයන්නක්ද යකෝ කරේ!?"

"ම්-මම...යාආආආහ්...මට අක්ෂිතව ඕනෙ බං!!"

"උඹ මහිරු ගැනත් ඔහොම කිව්වා... ඒත් අන්තිමට ඒ කොල්ලව මරලා දාන දිහා උඹ බලන් හිටියා...."

"නෑ...ඒක වෙනස්!! ඒ දෙක වෙනස්...."
මම අත් දෙකෙන් ම කොණ්ඩෙ අවුල් කරගෙන කෑ ගහද්දි කවියා කිසි උවමනාවක් නැතුව මගෙ දිහා බලන් හිටියා..

"උඹ මට සිද්ධ වුණ දේ කියලා ඉඳහන් පැහැදිලි ව..."

"එයා....එදා දේවින්ද අක්ෂිට ස්ලීපින්ග් ටැබ්ලට්ස් දීලා... මම දැකපු දේ වැරදියට තේරුම් අරගෙන තියෙන්නෙ... එදා...."

.
.
.
.
.

"මම ඇහුවාම උඹ දැන් කිව්වා ඇක්සෙප්ට් කළෙ නෑ කියලා දැන් කියනවා කිස් කරන්න හැදුවා කියලා!"

"අහ්...ඒක...මට බය හිතුණා බං..."

"අනේ බහු#පන් හු##!!"
කවියා මට තව කොට්ටයක් විසි කරලා ගැහුවා...ඒක මගෙ උරහිසේ වැදීගෙන සෝෆා එකෙන් එහා පැත්තට වැටුණා...

"මට...මට අක්ෂිතව ඕනෙ..."

"ඕඕ...උඹට දුක හිතුණාම තුරුල් වෙන්න...මතක් වුණාම ඉන්නවද මැරිල ද බලන්න...අහක යන හු#තවල් එක්ක තියෙන කේන්තිය ඒ අහිංසකයා පිටින් යවන්න...නෙහ්?"
කවියා මට ඇද කරලා කියලා අහක බලාගනිද්දි මම පිටිපස්සට පුටුවෙ හතරගාතෙ දාලා හාන්සි වෙලා සිවිලිම දිහා බලාගෙන හිටියා...

මට අක්ෂිව ඕනෙ...එයා නැතුව මගෙ ලයිෆ් එක කම්ප්ලීට් නැහැ....ගිය සතියම මම හිටියෙ පිස්සෙක් වගේ බීගෙන...මට බය හිතුණා එයා දේවින්දට චාන්ස් එකක් දීලා කියලා...

මාව හොඳට ම තේරුම් ගත්ත... හැමදේටම වඩා මාව ඉවසපු එකම කෙනා අක්ෂි...මට රේස් ට්‍රැක් එකේ, ෆුට්බෝල් කෝට් එකේ ඇරුණා ම මම රිලැක්ස් කියලා දැනෙන්නෙ එයා ළඟ විතරයි...එයා මම ප්‍රශ්නෙක වුණත් ප්‍රශ්නෙ අහන්නෙ නැතුව ම මගෙ හිත හදනවා...එයා මම වැරැද්දක් කළත් කෑ ගහන්නෙ රණ්ඩු වෙන්නෙ නැතිව වැරැද්ද තේරුම් කරනවා...මම දන්නෙ මට අක්ෂිව ඕනෙ කියලා විතරයි... එයා...මගෙ ලයිෆ් එකේ ඉන්නම ඕන කෙනෙක්...

හුස්මක් දුරින්...Where stories live. Discover now