Song එකක් recommend කරලා ඇති ළමයි... පුළුවන් නම්...ඒක අහන ගමන් කියවන්න 👉👈🥺
මම Warning දෙන්නෙ නෑ... මේකෙ mature කියන්න තරම් දෙයක් නෑ මම හිතන්නෙ...
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
"අක්ෂී?"
එයාගෙ නම ස්ක්‍රීන් එකේ වැටෙනවත් එක්ක ම මම ෆිටෝන් කර කර හිටපු වෙඩින් ඩ්‍රස් එක පැත්තකට දාලා ෆෝන් එක අරගෙන පැත්තකට වුණේ දවස් හතරකින් එයා මට කෝල් කරන පළවෙනි වතාව ඒක නිසා....එදා වුණ දේ එක්ක මම හිතුවෙ නෑ අක්ෂි ආයෙ මං එක්ක කතා කරයි කියලා...හෙට මම අසෙනිව මැරි කරනවා... අක්ෂි එයාගෙ මමා එක්ක ග්‍රැනීගෙ මෙමෝරියල් එක කියලා බණ්ඩාරවෙල ගිහින් දවස් පහක්ම එහෙට වෙලා හිටියා...මට එයා එක්ක ඉන්න පුළුවන් අන්තිම දවස් ටික එයා ඒ විදියට පැත්තකට වෙද්දි මාත් සද්ද නැතුව හිටියෙ සමහරවිට එයා හිත හදාගන්න උත්සාහ කරනවා වෙන්න ඇති කියලා හිතලා...මගෙ අත් දෙකෙන්ම අසෙනි එක්ක ඇවිත් එයාට වෙඩින් එකට ඉන්විටේශන් දීලා යද්දි ඒ ඇස්වල තිබුණ හිනාව මතක් වෙන වෙන වතාවට පපුව පිච්චිලා යනවා...
අක්ෂි හරි අහිංසකයි...එයා මේ ලෝකෙට අහිංසක වැඩියි...
'ශාලුක...ඔයාට පුළුවන්ද අද රෑට අපාට්මන්ට් එකට එන්න?'
"මම එන්නම්..."
'හ්ම්...'
එයා එහෙම කියලා කෝල් එක කට් කරද්දි මම හුස්මක් පහත දාලා වෙඩින් ඩ්‍රස් එක ඇඳගෙන පොඩි අයියගෙ ඉස්සරහ කැරකි කැරකි ඉන්න අසෙනි දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා... එතන මට නොතේරෙන මොකක් හරි අවුලක් තියෙන බව දැනුණ නිසා මම කවියා දිහා බලද්දි ඌ හිටියෙත් මාරුවෙන් මාරුවට අසෙනිගෙයි අයියගෙයි දිහා බලන ගමන්...අයියා මේ ගමන ආවෙ සීයප්පච්චිගෙ වදේට.. එයා කොහොමත් මං එක්ක මොකක් හරි රණ්ඩුවකට ඇර කතා කරන්නෙ නැහැනෙ..."උඹෙ වැඩේ ඉවරද?"
"හ්ම්...ඇඳුම අවුලක් නෑ..."
මම එහෙම කියන ගමන් ෆෝන් එක සාක්කුවට දාගනිද්දි කවියා ඒ දිහා බලන් ඉඳලා මගෙ දිහා බැලුවාම මම ඌ එක්ක යන්තමට හිනාවෙලා බිම බලාගත්තා..."අසෙනි අයියා එක්ක ගෙදර යන්න... කොල්ලො ටිකට පාටි එකක් තියෙනවා... මම හෙට සැලෝන් එකට එන්නම්...තුන වෙද්දි..."