51 කොටස

522 97 59
                                    

"ඔන්න...චූටි මැණික කට අරිනෝලු දැන්...හිරූ බබා හබුන් කූවොත් මාමා බබාව අශ්වයගෙ පිටේ එක් කරගෙන යනෝලු හරිද?"
තේනුක දරුවගෙ බඩට ඇඟිලි වලින් කිති කවන ගමන් මුණ ඉස්සරහින් හැන්ද එහෙ මෙහෙ කර කර කියද්දි පොඩි එකා අත් දෙක විසි කර කර කෑ ගහලා හිනාවුණත් කවියා මූණ ඇඹුල් කරගෙන මගෙ දිහා බැලුවාම මට ලාවට හිනාගියා...

මුන්ට ළමයෙක් හිටිය කාලෙක කවියගෙ කොන්දට දිවා රෑ පත්තු බඳින්න වෙනවා..තේනුවා හැම විනාඩි පහකට ම සැරයක් දරුවව කවියගෙ පිට උඩ තියලා කවියට දණ ගාන්න කියලා අශ්වයා ගෝන් යන්න කියනවා...

කොල්ලත් පොඩිකමට නෑ අත් දෙකට අහුවෙන අරූගෙ කොණ්ඩෙ ඇද ඇද කෑ ගහනවා...

කාලෙකින් අද අපි සෙට් එකම යෙහාලගෙ ගෙදරට සෙට් වුණා...අද නංගිගෙ බර්ත්ඩේ එක...යෙහා පාටි එකක් ඕගනයිස් කරලා ගෙදර ගෙදර අයට...ඌ මලී නැන්දාවයි මල්ලිවයිත් එක්කරගෙන ඇවිත්...ඒ ඇරෙන්න ඇවිත් හිටියෙ ආලියයි ඒකි එන්ගේජ් වෙලා ඉන්න අයියයි යෙහාලගෙ අම්මයි උන්ගෙ අයියගෙ ලොකු පුතයි විතරයි...

ඒ කොල්ලා එක්සෑම් ඉවර කරලා වැකේශන්වලට බාප්පා බලන්න ඇවිත්...දැන් මාසයක් විතර යෙහාලගෙ ගෙදර...නෑකමට යෙහා බාප්පා වුණාට කොල්ලට දාහතයි දැන් මල්ලිලා වගේ තමයි ඉතින්...අරූට තාම විසිතුනනෙ...

පහුගිය මාස හය හතට වැදගත් දෙයක් කියලා වුණේ අසෙනිව නැන්දා එක්කම නුවර සූරියබණ්ඩාර වලව්වට එක්කරගෙන ගිය එකයි අසලියා නංගි ප්‍රෙග්නට් කියලා දැන ගත්ත එකයි විතරයි...දරුවට තාම මාස දෙක නිසා යෙහා සෑහෙන්න පරිස්සම් කරනවා කෙල්ලව...

ඌ අවුරුදු තුනක්ම කෙල්ලව මලක් වගේ තියන් හිටියා... තාමත් අවුලෙන් ඉන්නෙ ඒකි දරුවෙක්ගෙ වගකීම් ගන්න පොඩි වැඩිදෝ කියාගෙන...ඒ වුණාට නංගි නම් මාර සතුටුයි දරුවා ගැන මට තේරුණ විදියට...ඒකි තමයි මගෙ කොල්ලවත් වැඩියෙන් බලාගත්තෙ... දැන් මම දඟලන්න දෙන්නෙ නෑ දරුවා එක්ක...

තේනුක කෙඳිරි ගානවලු ඌටත් බබෙක් ඕන කියලා... කවියා ඇවිත් කන් කෙඳිරි ගාන්නෙ මං එක්ක... තේනු ආවා ගියා දරුවව බලා ගත්තා වුණාට මං එක්ක ඉස්සර වගේ කතා කරන්නෙ නෑ...ඌට තරහා ඇති මං එක්ක... කෑම හදලා එවනවා...මට බෙහෙත් බොන්න ඩොක්ටර් මීට් වෙන්න යන්න මතක් කරන්න එහෙම කියලා කවියට කියනවා...ඌ මගෙත් එක්ක කතාවක් නෑ...

හුස්මක් දුරින්...Où les histoires vivent. Découvrez maintenant