58 කොටස

532 94 195
                                    

"පුළුවන් කමක් තිබුණා නම්...මම ටයිම් ට්‍රැවල් කරලා හරි ඔයාවයි යශ් අංකල්වයි එකතු කරනවා අප්පච්චි...

එහෙම වුණා නම්...මම අද මේ කරුම ජීවිතේ ගෙවන්න හිර වෙන්නෙ නෑ අප්පච්චි...ඉපදුණේ නැති වුණා නම්... මම අද මෙච්චර පව්කාර ජීවිතයක් ගෙවන්නෙ නෑ!"
මම අප්පච්චිගෙ සොහොන ඉස්සරහ දණ ගහගෙන හිතින් වැලලුණත් මගෙ ඇස් වලට කදුළු ආවෙ නෑ....මට අඬන්න ඕනෙ...පපුව හිර වෙනවා... ඇස් දෙකත් කකියනවා...උගුර හිර වෙලා වගේ...ඒත් රතු ගැහිලා තියෙන ඇස් වලින් එකම එක කඳුළක්වත් ලිස්සලා වැටුණෙ නෑ....

"හ්හ්...ඔයාට යශ් අංකල්ව මීට් වුණා නම්... අප්පච්චි එයාට කියන්න එයා පරිස්සම් කරපු චූටි සුරංගනාවි ලස්සන මලක් විදියට පිපිලා කියලා....එයා නිකන් ම මලක් නෙවෙයි...කටු තියෙන රෝස මලක්....ඒ වගේමයි හරිම වස අයිතිකාරියක් ඉන්නවා ඒ රෝස මලට...මම නැන්දව බලාගන්නම් අප්පච්චි...ඔයා යශ් අංකල් එක්ක සතුටින් ඉන්න...

මේ...ත්-තව...මගෙ පණව හම්බවුණොත් දවසක...එයාට කියන්න එයා දුන්න දඬුවම කොච්චර බර වුණත්...මම ඒක බාර ගත්තෙ හිතේ කිසිම මැසිවිල්ලක් නැති ව කියලා... එයාට ඕන මම තව ජීවත් වෙන්න නම්...මම ජීවත් වෙනවා... තත්පරෙන් තත්පරේ මැරි මැරී ඉපදුණත් මම ඒක භාර ගන්නවා කියලා...එ-එයාට...මම  ආ-දරෙ..යි...කියලා කියන්...න..."
මම අප්පච්චිගෙ ෆොටෝ එකක් නැති ටොම්බ් ස්ටෝන් එක ඉස්සරහ දණ ගහගෙන ඇති කියලා හිතෙනකල් කියවලා වත්ත කෙළවරේ ඉඳලා පයින් ම ආයෙ වලව්වට එද්දි එන පාර දිගේ මම කල්පනා කර කර ආවෙ අක්ෂි එක්ක බදුල්ලෙ ආව ගමන ගැන...

හිත පිළිගන්න කැමති නෑ එයා ආයෙ එන්නෙ නෑ කියලා.. මම මාව රවට්ට රවට්ට ඉන්නවා ඒක බොරුවක් කියලා, රිපෝට්ස් හැම එකක්ම තිබිලත් මට ඒ එකක්වත් විශ්වාස කරන්න හිත දෙන්නෙ නැති වෙද්දි මම ලොකු අයියා එක්ක ඕක කිව්වත් ඌ හැම වතාවෙම මාතෘකාව වෙනස් කළා...කවියා කියනවා මම ආයෙ හිත වට්ට ගනීවි කියලා වෙන්න ඇති කියලා...

අනේ මන්දා...එක්කො මම කැමති නැතුව ඇති මට ආදරේ කරපු කොල්ලා මරාගත්තෙ මමයි කියලා පිළිගන්න...

ඇඟිලි අතරෙ කරක කරක ආව තද කහ පාට වල් සූරියකාන්ත මල අයන්දි අක්කා එක්ක හිටිය ලොකු අප්පච්චිගෙ චූටි දූ සිඟිතියා අතට දෙන  ගමන් මං කෙල්ලගෙන් දරුවව ඉල්ල ගත්තා....

හුස්මක් දුරින්...Where stories live. Discover now