"මට තව ඉතුරු මොනවගේ කාලයක් වෙයිද? මාස??"
තෙවිනු අයියා අපිට ඉන්ට්‍රඩියුස් කරපු සීනියර් කාඩියොලොජිස්ට් කෙනෙක් කිව්ව දහනායක සර් කතා කළාට පස්සෙ සර්ගෙ කැබින් එකේ ඇතිවුණ විනාඩි ගානක එපා කරපු නිශ්ශබ්දතාව බිඳලා මම අහද්දි කවියත් ඩොක්ටර් දිහා බැලුවා..."ඇත්තම කතාව ට්‍රාන්ස්ප්ලාන්ට් එකක යන්න බැරි වුණොත්...දැනට තියෙන අවුට්පුට් එකේ හැටියට බෙඩ් රෙස්ට් ඇන්ඩ් ඩ්‍රග් තෙරපි වලින් අපිට ටූ ඉයර්ස් වගේ මැක්සිමම් ගැරන්ට් කරන්න පුළුවන් පුතා...ඊට එහා මම හිතන්නෙ නෑ පුතාගෙ හාට් එකට ලන්ග්ස් වලට බ්ලඩ් පම්ප් කරගන්න තරම් හයියක් තියෙයි කියලා...
මට ඔය දරුවගෙ වැඩිහිටියෙක් එක්ක කතා කරන්න පුළුවන් නම්...මම හිතන්නෙ මේ අපේ අගමැතිතුමාගෙ මුනුපුරෙක්? ඒ වගේ අයට විසඳන්න බැරි ප්‍රශ්න අඩුයිනේ..."
"නෑ ඩොක්ටර්...එහෙම ඕන නෑ...අපි ඩ්‍රග් තෙරපි බල-"
"ශාලුක!"
කවියා කෑ ගහද්දි තෙවිනු අයියා ඌට සද්ද කරන්න එපා කිව්වා..."හ්ම්...අපේ එතික්ස් අනුව පුතා පොඩි ළමයෙක් නෙවෙයි නිසා මට බල කරන්න බැහැ...ඒත් මම හිතනවා තරුණ ජීවිත තාවකාලික ප්‍රශ්න නිසා නාස්ති කර ගන්නෙ නැතිව අම්මා එක්ක කතා කළා නම් හොඳයි කියලා...
දැනට මම බෙහෙත් ටික දෙනවා... හොඳට මතක තියා ගන්න පුතා මේවගෙන් වෙන්න සිප්ම්ටම්ස් මාස්ක් කරන එක විතරයි....තියෙන සිටුවේශන් එක කාලයත් එක්ක වර්ස් වෙනවා විතරයි...ඔයාට නාස්ති කරන්න වෙලාව නෑ පුතා...
ඩොක්ට විජේසූරිය මේ දරුවව නිතර මීට් වෙනවා නම් ටච් එකේ ඉන්න... සතියකින් එන්න පුතා...මම හිතනවා ඔයා හොඳම තීරණේ ගනීවි කියලා.. විශ්වාසවන්ත කෙනෙක්ට හැමදේම කියන්න දරුවෝ..."
ඩොක්ටර් කණ්ණාඩි දෙක හද හද මාත් එක්ක හිනා වෙලා චිට් එක අයියට දුන්නා ම මම මගේ ෆයිල් එක අරගෙන පුටුවෙන් නැඟිට්ටා..."ශාලුක! ශාලුක!! උඹ කොහෙද යන්නෙ!?ඉඳපන්!"
"කෑ ගහන්නෙපා බං...මම කා එක ළඟට යන්නෙ..."
මම නතර වෙලා හැරෙද්දි කවියා මගෙ ළඟට දුවගෙන ආවෙ උන්ගෙ අයියත් අපි ළඟට එද්දි...