42 කොටස

522 85 82
                                    

"ම්හ්..."
මං කෙඳිරි ගාගෙන ම ඇස් ඇරලා ගුටිකාලා වගේ මුළු ඇඟම රිදෙන නිසා ආයෙත් ඇස් පියා ගත්තා...

"හ්හ්..."
ඇස් පියාගෙන ම හෙමීට ඇඳේ අනිත් පැත්තට හැරිලා ඇඳ අතගාලා බලපු මම සීතලට අහුවෙන බෙඩ්සීට් එක අතට ගුළි කරගෙන තොල් හපා ගත්තා...එයා ගිහින් කියලා දැනගෙන හිටියත් ඒක පිළිගන්න අකමැති හිතට තවත් බොරු බලාපොරොත්තු තියාගන්න හේතුවක් නැති වෙද්දි මගෙ කම්මුල් දිගේ රස්නෙට කඳුළු  බේරුණා..

මට අඬන්න ඕන නෑ!! ඒත් කඳුළු කියන දේ අහන්නෙ නෑ!!

"ම්ම්හ්...ඔහ්...ග්-ගුඩ්...මෝනින් සයි..."
මම හෙමින් ඇඳ අයිනෙන් වාඩිවෙද්දි තඩියා දුවන් ඇවිත් ඇඳට කකුල් දෙක තියලා මගෙ මූණ ඉව කළාම මම එයාට වෙනදා කියන හිනාවෙන් බැරි වුණත් පුළුවන් විදියට ගුඩ් මෝනින් කියලා කිව්වා...එයා ආයෙ මාව ඉව කරලා මගෙ කම්මුලක් චුට්ටක් ලෙව කාලා ඇඳ ළඟ බිමින් ඉඳ ගත්තා...

"බ-කැහ්...බඩගිනිද සයි?"
මම තඩියගෙ ඔලුව අතගාලා තියලා පෙරවගෙන හිටිය සීට් එක ඇඟ වටේ දවටගෙන බෙඩ් සයිඩ් ටේබල් එකට බර දීලා නැඟිට්ටා...මගෙ කකුල් දෙක වෙව්ලනවා... බඩත් රිදෙනවා...කොන්දත් රිදෙනවා...හැමදේටම වඩා මගේ ඔලුව පිපිරෙන්න වගේ රිදෙනවා...

"හ්හ්..."
ලොකු හුස්මක් පහත දාලා මම ටවල් එකත් අරගෙන වොශ්රූම් එකට ඇවිත් දොර වහගත්තා...

"ස්ස්...ආව්හ්!"
ශවර් එක ඇරලා වතුර ඇඟේ වදින ඉක්මනට මුළු ඇඟම දැවිල්ල ගනිද්දි මම හොට් වෝටර් වලට චේන්ජ් කරලා බිත්තියට නළල හේත්තු කරගෙන ඇති වෙනකන් ඉකි ගගහා ඇඬුවා...

මට හයියක් නෑ ශාලුක අසෙනිගෙ අතට මුද්දක් දාන දිහා බලන් ඉන්න!!

මගෙ නෙවෙයි කියලා මෙච්චර කියලත් පිළිනොගන්න හිත කැමති වෙයිද පෝරුවක් උඩ ශාලුකගෙ එහා පැත්තෙ අසෙනිව දකින්න?

මං කඳුළු නතර වෙනකල් ම බිත්තියෙ නළල හප්ප හප්ප තොල් හපාගෙන ඉඳලා පැය එකහමාරකින් විතර වොශ්රූම් එකෙන් එළියට ආවා...

ඒ එද්දිත් ෆෝන් එක රින්ග් වෙනවා...

"හෙ-ක්හ්...හෙලෝ?"

"විහා...ඔයාව ගන්න එන්න ඕනෙ කීයට විතරද?"

"අ...උඹ ලෑස්ති වෙලා ඉවරද? "

හුස්මක් දුරින්...Tahanan ng mga kuwento. Tumuklas ngayon