"යෙහා ඊයෙ රෑ කෝල් කරලා කිව්වා බදුල්ලෙ යන කතාවක්...උඹ එක්ක නෙවෙයි ද ගියෙ?"
කවියා මගෙන් අහද්දි මම ඌ දිහා බැලුවෙ යෙහාට බදුල්ලෙ යන්න හේතුවක් නැති නිසා වුණා හිත යටින් මතක් වුණ හේතුවට මම කැමති වුණෙ නෑ..."කීයට විතර?"
"රෑ එකොළහට?"
"දැන් එනවා ඇති ද?"
මම අහද්දි කවියා උරහිස් ඇකිළුවත් උගෙ ෆෝන් එක රින්ග් වෙද්දි ඌ ඒක මට දුන්නා..."උඹ කොහෙද ගියෙ? ගියෙ මම හිතන දේට නම් මම-"
"ආහ්...තව පැය දෙකකින්?"
"හා...ට්‍රැක් එකට වරෙන්...අපි දෙන්නා ඉන්නවා..."
මම එහෙම කියලා කෝල් එක කට් කළා...කවියා විස්තරයක් බලාගෙන ඉන්නවා..."මම හිතන්නෙ ඌ කෙල්ල පන්නගෙන ඇවිත්..."
"මූට ඔලුව විකාර වෙලාද බං...ඊට වඩා ඒකි අහිංසකයි..."
"ම්හ්...මම හෙටම ඒකිව ආයෙ ගමේ යවනවා..."
මම එහෙම කියන ගමන් නළල මිරික ගත්තෙ මේකා කරන වැඩවලට මට වැටෙන නඩු පෝළිම මතක් වෙලා... මම එපාය සීයප්පච්චිට උත්තර බඳින්න!මෙච්චර කෙල්ලො ඉද්දි මූට ඒකිම ඕන කියනවනෙ...මම දන්නැද්ද ඕකගෙ හැටි සතියක් යද්දි එපාවෙයි...
හැබැයි අපි ගමේ ගිහින් ඇවිත් ගෙවුණ මාසෙට එක හමාරට මූ ක්ලබ් එකට බලෙන් ඇදන් ගියත් කෙල්ලෙක් දිහා හොරාටවත් බැලුවෙ නෑ...බොන එකත් කන්ට්‍රෝල්... අනේ මන්දා...
කෙල්ලටත් අනින්න ඕන ඔලුව හිල් වෙන්න එකක් දන්නෙ නැති එවුන් එක්ක ආවට!! මම මාවත් විශ්වාස කරන්න එපා කියද්දි ඒකි මගෙ ගන්නම දෙයක් නැති යාළුවා එක්ක වලව්වෙන් පැනලා ඇවිත්!!
"ආයෙ රවුමක් දෙකක් යමන්!"
කවියා මට තට්ටුවක් දාලා එහෙම කියද්දි මම ඌට ඔලුව වනාගෙන ආයෙම බයික් එක ස්ටාට් කළා....
.
.
.
.
" ශාලුක!"
යෙහා එක අතකින් ලොකු හූඩි එකක් ඇඳන් ඉන්න කෙල්ලවත් අල්ලගෙන සද්දෙට කතා කරගෙන අපි ඉන්න තැනට එද්දි මම කේශව් අයියට යන්න කිව්වා...