[විසි එක්වෙනි කොටස]

136 34 36
                                    

සුපුරුදු විදිහට උදේ නැගිටලා ෆෝන් එක අරගෙන බලද්දි ඊයේ දාපු ස්ටේටස් එකට එයාගෙන් හාට් ඉමෝජි එකක් විතරක් මට හම්බෙලා තිබ්බා.. සීන් කරලා විතරක් හිටිය මං ඩේටා ඕෆ් කරලා දාලා තුවායත් අරගෙන ගිහින් මූණ හෝදගෙන අයන් කරලා තිබ්බ යුනිෆෝම් එක ඇඳගත්තා.. පොත් ටිකයි, බොටම් එකයි ටී ශර්ට් එකයිත් දාගෙන බෑග් එක ලෑස්ති කරලා සපත්තු දෙකත් දාගෙන, කොන්ඩෙත් පීරගෙන බෑග් එකත් අරගෙන මං ඉස්සරහට ගියා..

" ගුඩ් මෝනින් අයියේ.. උයලා ඉවරද.. "

" ඔව් බබා.. තව ටිකයි තියෙන්නෙ.. ඔයාට අද මල් ගෙනියන්න ඕන කිව්වනෙ ගිහින් මල් ටිකක් කඩාගන්නකො.. "

" ඔව් අයියේ.. මං මල් කඩාගෙන එහෙමම ශේනුලගෙ දිහාටත් ගිහින් එන්නද.. "

" හා හා එහෙනම් එයාලවත් එක්කගෙනම එන්නකො.. "

අයියා ගිහින් එන්න කිව්වට පස්සෙ මං මලුත් කඩාගන්න මල් වට්ටියත් අරගෙන මල් ටිහිකුත් කඩාගෙන ශේනුලගෙ ගෙදරට ගියා.. මට හුඟක්ම උවමනාව තිබ්බෙ ආදිත්‍ය අයියගෙ මූණ බලාගන්න.. ගේට්ටුව ඇරගෙන ඇතුළට ගියා හොද වෙලේට දොර ඇරලා.. මං බෙල් කරන්න යන්න හදලත් මඟින් නැවතුනෙ හුරුපුරුදු රූපයක් හිටිය නිසා වෙද්දි ඒ මම හොයාගෙන ආව ආදිත්‍ය අයියා උනා..

එයා හිටියේ අත්දෙක පිටිපස්සෙන් බැඳගෙන මිදුලෙ තිබ්බ සුදු අරලියා ගහයටට වෙලා.. එයාගෙන් පෙනුනෙ වලව්වක හාමු කෙනෙක්ගෙ පෙනුමක්.. එච්චරටම ගාම්භීර පාටයි වගේම ආඩම්බර මූණක්.. මං එයාට කතා නොකරම ගෙට යන්න ඉස්සරහට අඩියක් තියද්දිම එයා මට කතා කලා.. ඒකත් මං දිහා නොබලම..

" පුංචි මහත්තයා ඉතින් කතා නොකරම යන්නේ.. බයයිද ඔය හිතේ තියෙන ඒවා දැනගනී කියලා ම්ම්.. "

පුංචි මහත්තයා.. පුංචි තමයි හුහ්.. බය නැත්තෙ මොකෝ අනේ එයැයි මහා අසහනකාර හාමු මහත්තයෙක් නෙ.. මං මල් වට්ටියත් අත් දෙකට මිරිකගෙන එයා ඉන්න තැනට ලං උනා.. ඉකේ යකෝ මේකගේ පපුවට පොඩ්ඩක් පහලින් නෙ මං ඉන්නෙ.. එච්චරටම කොටයිද අප්පාවේ.. මොන තරම් නම් නව නිංගිරාවක්ත දෙයියනේ..

" අයියා.. අද ස්කෝලේ යන්නෙ නැද්ද.. "

මං ඇහුවේ කිසිම අදාලත්වයක් තියෙන ප්‍රශ්නයක් නොවෙද්දි එයා අත් දෙක බුරුල් කරලා මගෙ පැත්තට හැරුනේ ටිකෙන් ටික මගෙ පැත්තට ලං වෙන ගමන්.. අන්තිමට පස්සෙන් පස්සට ගිහින් මං නැවතුනේ අරලියා ගහ යටම හදලා තියෙන සිමෙන්ති මේසෙ උඩින් ඉන්දවෙලා වෙද්දි එයා මගෙ දෙපැත්තෙන් අත්දෙක තියලා මූණට බර උනේ ආදිත්‍ය අයියගෙ උණුසුම් හුස්ම වලට මගෙ ඇස් දෙකත් ඉබේටම පියවිලා යද්දි..

දේදුනු හාදු ❤ [Taekook] On Going Where stories live. Discover now