[තුන්වෙනි කොටස]

278 50 4
                                    

පිළියන්දල පැත්තට හරවපු කාර් එක විනාඩි හතලිස්පහකින් විතර යද්දි නැවැත්තුවෙ අයියගෙ කැම්පස් එක ඒ කියන්නෙ කොළඹ කැම්පස් එක ළග.. මං මෙහෙ පාරවල් තවම දන්නෙ නැති නිසා ඉතින් හරියට විස්තර කරන්න දන්නෙ නෑ..

" මං එහෙනම් යනවා නැන්දේ, මාමේ පරිස්සමින් ස්කෝලෙ ගිහින් එන්න පොඩී අයියා ඉක්මනට එනවා අද.. නැන්දලා මල්ලිව දාලා යනවනේ එහෙමම.. "

" ඔව් පුතා නැත්නම් වැඩ පාඩු වෙනවනේ.. "

" හරි මං යනවා එහෙනම්.. "

අයියා වාහනෙන් බැහැලා ගියහම ආයෙමත් අපි එන්නා ආවේ මගෙ අලුත් ස්කෝලෙට.. පැය භාගයක් වගේ යද්දි අප්පච්චි වාහනෙ නැවැත්තුවෙ සුදු තාප්ප තියෙන කළු පාට ගේට්ටුවක් ඉස්සරහින්.. මායි අම්මි බැස්සට පස්සෙ අප්පච්චි වාහනෙ පාක් කරලා අපිත් එක්ක ගාඩ් රූම් එක ලගට ඇවිල්ලා ඒ මාමට මොකද්ද ලියුමක් දුන්නහම අපිට ඇතුළට යන්න කියලා කිව්වා..

බුදු අම්මේ මේ ස්කෝලෙ ලොකු.. ඒ වගේම හරි ලස්සනයි ඇතුළට යද්දිම වගේ සුදු පාට ලොකූ බුදු පිළිමයක් තියෙනවා.  මං දැක්කා හැම ළමයෙක්ම වගේ ගේට්ටුවෙන් ඇතුළට යද්දි ඒකට වැඳගෙන තමයි ගියේ.. සමහර අය නම් මං දිහා පුදුමෙන් බැලුවා අලුත් කෙනෙක් නිසා වෙන්න ඇති.. අන්තිමට අපි හිටියෙ ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක ඉස්සරහා.. එතන තිබ්බ පුටු පේලියෙන් වාඩි වෙලා හිටියෙ ඇතුළට එන්න කියනකම්..

" Mr.Suriyabandara සර් ඔයාලට ඇතුළට එන්න කිව්වා.. "

අවුරුදු 50ක් විතර කියන්න පුලුවන් පිරිමි කෙනෙක් අපෙ අප්පච්චිට ප්‍රින්සිපල් සර් ඇතුළට එන්න කිව්වා කියලා කතා කරද්දි අම්මයි අප්පච්චි මමයි නැගිටලා ඇතුළට ගියා..

" ගුඩ් මෝනින් චන්දු මං ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නෙ.. ලේසියෙන් මේවට දාගන්න බෑ කියලා දන්නවනෙ කොල්ලගෙ කොලිටීස් හොදයි ඒකමයි මං ගොඩක්ම කැමති උනෙ.. "

" ඒක තමයි ශාක්‍ය මට කලිනුත් කිව්වනෙ මේ අර ලියුම.. "

" අහ් හරි එතකොට මිහිනු නේද නම මට පුතාගෙ කලින් ස්කෝලෙ රිපෝට් කාඩ් එකයි ඕලෙවල් රිසාල්ට් ශීට් එකයි දෙන්නකො.. "

දේදුනු හාදු ❤ [Taekook] On Going Where stories live. Discover now