[අටවෙනි කොටස]

205 41 39
                                    

" බබා නාගෙන එන්න ගිහින් මං උණුවතුර එකක් උණු කරලා දෙන්නද.. "

" ඕනෙ නෑ අයියෙ තෙමිලනෙ ඉන්නෙ මං ඉක්මනට නාගෙන එන්නම්.. "

" හරි ඉක්මනට එන්න මං සමහන් එකක් හදලා දෙන්නම්.. "

අයියා කෙලින්ම කුස්සියට යද්දි මං ගියෙ කාමරේට.. තුවායත් අරගෙන බාතෲම් එකට ගිහින් තෙත ඇදුම් දෙක ගලවලා දාලා රෑ වෙලා වැස්ස උනත් මං හොදට නාගත්තා.. භාගෙට තෙමිලා ඉන්න නිසා ඉතුරු ටිකත් නාගත්තා.. ඇදුම් ටික බේසමට දාලා රින්සොත් දාලා විනාඩි පහලවට නාලා ඉවර වෙලා තුවායෙන් ඔලුවත් පිහින ගමන් මං ආවේ මගෙ කාමරේට උනත් මගෙ ඇඳ උඩ ඉඳගෙන ඉන්න කෙනාව දැකලා ඔලුව පිහිදන ගමන් හිටිය මගෙ අතේ තිබුණ තුවායත් බිමට වැටුනා..

" ආ..දි..අයි..යෙ.. "

ඔව් මගෙ ඇඳ උඩ ඉදගෙන බාතෲම් එකේ ඉදන් ඔලුව පිහිදාන ගමන් එන මගෙ දිහා කන්න වගේ බලන් හිටියේ වෙන කව්රුත් නෙවෙයි ආදිත්‍ය අයියා..

" ඇයි නෑවේ.. "

" මොක..ක්.. ඕක අහන්නද දැන් ආවේ.. "

" මිහිනු මං ඇහුවෙ ඇයි දැන් නෑවේ කියලා.. අහපු දේට උත්තර දෙනවා මුලින්ම.. "

" ම්හ්ක්..ඉතින් වැස්සෙ තෙමිලනෙ හිටියෙ ඉතුරු ටිකත් නෑවා.. "

" තමුසෙ මට ඇහෙන්න කොයි වෙලේ හරි නහය උඩට ඇදපන්කො.. "

" ම්හ්ක් පුදුම නපුරුකමක් තමයි දෙයියනේ මේක.. "

" හහ් ඇත්තද හරි හරි.. "

හරි හරි කිව්ව ආදිත්‍ය අයියා ඇඳෙන් නැගිටලා ඇවිල්ලා මගෙ අතේ තිබුණ තුවාය මගෙ මූණ දිහා බලාගෙනම අරගෙන මගෙ ඔලුව පිහිදන්න ගත්තා.. පිහිදාලා පිහිදාලා ඉවර වෙලා අන්තිමට තුවාය රැක් එකෙන් දාලා එයා කාමරෙන් යන්න ගියේ මටත් ඉක්මනට එන්න කියාගෙනමයි.. යාඅහ්හ් මේ මිනිහා නම් මොකෙද්ද මන්දා මගෙ ඔලුව පිස්සෙක්ගෙ වගේ වෙලා.. ඕඩික්ලෝන් බෝතලෙන් ඔලුවට ටිකක් හලාගෙන කොණ්ඩෙත් ලස්සනට පීරගෙන මං කෑම කන්න ගියා.. ඒ යද්දි අයියා මටයි එයාටයි බත් බෙදලා මං එනකම්ද කොහෙද ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා..

" ඈ අයියෙ ආදිත්‍ය අයියා මොකටද ආවේ.. "

" කැහ්..කැහ්.. මොකද්ද පොඩ්ඩො ඇහුවේ.."

දේදුනු හාදු ❤ [Taekook] On Going Where stories live. Discover now