[පස්වන කොටස]

262 50 37
                                    

ඉතුරු පීරියඩ් තුනෙන් එකක්වත් ෆ්‍රී තිබ්බෙ නෑ ඔක්කොම ඉගැන්නුවා.. චත්තමානවක ගාථා කියලා ඉවර උනාට පස්සෙ අපි පෝළිමට එකතු උනා.. ශේනු මගෙ ඉස්සරහින් ඉද්දි දෙව් මගෙ පිටිපස්සෙන් හිටියා.. ගේට්ටුව ළගට ඇවිල්ලා අයියා එනකම් අයිනට වෙලා ඉද්දි ආදිත්‍ය අයියගෙ වයසෙ කියන්න පුලුවන් එයාට වඩා කළු උස මහත පිරිමි ළමේක් අපි ඉස්සරහින් හිටගත්තෙ එයාගෙ යාළුවොයි කියන්න පුලුවන් තවත් පිරිමි ළමයි පස් දෙනෙක් එක්ක..

" මිහිනු අභිසෙස් සූරියබණ්ඩාර අලුතෙන් දොළහා Art 01 එකට ආව කොල්ලා.. ඒ ඔයා නේද.. "

ඈහ් එයා කොහොමද දන්නෙ මං ගැන විස්තර.. මං ඇත්තටම ඔලුව වත් උස්සලා බැලුවෙ නෑ.. අපෙ පන්තියෙ ලමයි හොද උනාට ශේනු, දෙව් කිව්ව විදිහට දහතුන වසරෙ මැරයො ටිකක් වගේ අයියලා සෙට් එකක් ඉන්නවයි කියලා මට කිව්වා.. උත්තර දෙන්න උවමනාවක් තිබ්බත් මට කලින් ශේනු මගෙ ඉස්සරහට ඇවිත් ඒ අයියට උත්තර දුන්නා..

" තමුසෙට ඒක වැඩක් නෑනේ ඩෙවෝන් කරුණාකරලා ඇණයක් නොවී යන්න මෙතනට ආදී අයියා ආවොත් ලොකු ප්‍රශ්නයක් වෙයි.. "

" ශේනුක මට තමුසෙ එක්ක නෙවෙයි කතාව තියෙන්නෙ මේ අලුතෙන් ආව සෙක්සි කොල්ලා එක්ක.. ඒ බං මරු කඳ නේද ස්ස්ස්ස්ස් රූම් එකකට ගන්න තිබ්බනම්.. "

අනේහ් අම්මියේ මොනාද දෙයියනේ මේ කියන්නෙ.. ශීහ් ලමයිනුත් බල බල යනවා ලැජ්ජයිනෙ අම්මී.. අනේ ඔයාව ඕනනෙ සුදු පුතාට.. ඇයි අම්මි මාව මෙහෙට ගෙනාවෙ.. මට බයයිනේ.. ඇස් දෙකෙන් කදුලු වැටිලා කම්මුල් දිගේ පල්ලම් බහිද්දි මගෙ ඉස්සරහින් හිටිය ශේනුගෙ සුදු ශර්ට් එක මගෙ අත් වලට තද වෙද්දි පිටිපස්සෙන් හිටිය දෙව් පිට එක අතකින් අත ගාන ගමන් අනික් අතින් මගෙ අත තද කල්ලා අල්ලගෙන හිටියා.. මට බයයි අම්මියේ අනේ අයියෙ ඔයා ඇයි පරක්කු බබාට බයයිනෙ..

" චික් තමුසෙ නම් හැදෙන්නෙ නෑ ඩෙවෝන්.. අයියා කියන්නත් ලැජ්ජයි තමුන්ට.. මල්ලි කෙනෙක් වගේ ඉන්න ලමේකුට කියන කතාද යකෝ මේ.. ප්ලීස් මං ප්‍රින්සිපල්ට කම්ප්ලේන් කරන්න කලින් මෙතනින් යන්න.. "

" හහ් හරි මං අදට යන්නම් ශේනුක හැබැයි මේ කොල්ලව මං ඉක්මනට උස්සගෙන යනවා ඒකත් මතක තියාගනින්.. යන්නම් බේබි බෝයි.. "

දේදුනු හාදු ❤ [Taekook] On Going Where stories live. Discover now