[දහතුන්වෙනි කොටස]

270 49 72
                                    

Adithya pov:

ආදිත්‍ය අභිශේක් වික්‍රමසිංහ, ඕලෙවල් වලට 9A අරගෙන අයිලන්ඩ් ෆස්ට් උන මම ඒ ලෙවල් වලට මැත්ස් කරන්න තෝරගත්තා.. මගෙ පවුලෙ ඉන්න මමයි, අම්මයි, තාත්තයි, මල්ලි විතරයි.. අද ඉරිදා දවසක් වෙද්දි මම හිටියෙ ගෙදර නැවතිලා තාත්තා එක්ක එයාගෙ කාර් එක හෝදන්න උදව් කරන ගමන්.. තාත්තගෙ පොඩි කාලෙ ඉදන්ම හොදම යාලුවෙක් අද කොළඹ එනවා කියලා කිව්වා.. ඒ අංකල්ගෙ පුතාව අපෙ ස්කෝලෙටලු දාන්න ඉන්නෙ.. මායි තාත්තයි කාර් එක හෝදලා ඉවර වෙලා ඉද්දි දවල් 2ට විතර කාර් එකක් අපෙ පාරට එන සද්දයක් ඇහුනා.. මං හිතන්නෙ ඒ කට්ටිය වෙන්න ඕනෙ.. මට ඕන උනත් ඒ ගෙදරට ආව අයව බලාගන්න එකපාරටම එහෙම ගෙදරකට යන එක හරි නැති නිසා පාඩුවෙ හිටියා.. පහුවදා උදේ ස්කෝලෙ යන්න පොත් ලෑස්ති කරලා ඇදුම් හදලා මං නිදාගන්න ඇදට පැන්නා..

පාන්දර 4.00ට වැදුන එලාම් එකට ඇහැරුන මම බාතෲම් එකට ගිහින් ඇග හෝදන් යුනිෆෝම් එක ඇදගෙන 5.30 වෙනකම් පාඩම් කරන්න හිතාගෙන පොත් මේසෙන් ඉදගත්තා.. හරියටම 5.45 වෙනකම් පේපර් එකක් කර කර හිටිය මං එලියට ගියේ අම්මා කතා කරනවා ඇහුන නිසා වෙද්දි සාලෙට යනකොට මං දැක්කෙ දැකලා නැති මනුස්සයෙක් අපෙ තාත්තා එක්ක කතා කර කර ඉන්නවා.. මං හිතන්නෙ ඒ තාත්තගෙ යාලුවා වෙන්න ඕනෙ..

" ගුඩ් මෝනින් ලොකූ, මේ ඉන්නෙ මං කිව්ව මගෙ ස්කෝලෙ කාලෙ ඉදන්ම හොදම යාලුවා චන්දුල අංකල්.. "

" ගුඩ් මෝනින් අංකල්.. "

" ගුඩ් මෝනින් පුතා.. දැන් කොල්ලා හුඟක් ලොකුයි නේ ශාක්‍ය.. "

" නැත්නම් නැත්නම් මේ අවුරුද්දෙ විභාගෙ ලියන කොල්ලෙක්නෙ.. "

" ඒක තමයි අපෙ එක්කෙනාගෙත් විසේ විතරයි වැඩක් කරන්නෙ නෑ.. "

" ඒ ගැන මොකට කතා කරනවද චන්දු මෙහෙත් එහෙම තමයි.. නිරෝ කව්ද ඇවිල්ලා නේද පොඩ්ඩක් බලන්න.. "

තාත්තා චන්දුල අංකල් එක්ක කතා කර කර ඉද්දි ඩෝ බෙල් එක වදිනවා ඇහුන නිසා ඒ ගමන්ම අම්මටත් කතා කරලා කව්ද ඇවිල්ලා ඉන්නෙ බලන්න කිව්වා.. අම්මා අත් දෙකේ තියෙන වතුර ටික ඇඳගෙන ඉන්න සායෙ පිහගන්න ගමන් දොර ඇරලා ඇතුළට කතා කලේ අපෙ ගෙදෙට්ට ගෙවල් හතරක් වගේ මෙහායින් තියෙන ගෙදර ඉන්න තිසුක අයියගෙ නම කියලා.. ඊටපස්සෙ එකපාරටම දෙයියනේ කියලා හයියෙන් කියද්දි මාවත් ගැස්සිලා ගියා.. මං තවමත් හිටිය තැනම ඉද්දි අම්මා කතා කලේ අපෙ මල්ලිට වෙද්දි මල්ලිත් දුවගෙන ඉස්සරහට ගිහින් අම්මියෙහ් මේ බෝනික්කා කව්ද කියලා අහපු පාර මට හිතුනෙම අංකල්ගෙ ලමයා කෙල්ලෙක් කියලා උනත් අම්මා ඇතුළට ඇවිල්ලා තාත්තටයි චන්දුල අංකල්ටයි ඉස්සරහට එන්න කියද්දි මාත් සුදු ශර්ට් එකේ අත් දෙක වැලමිට හරියට නවන ගමන් තාත්තගෙ පිටිපස්සෙන් ගිහින් බැලුවේ ඇවිල්ලා ඉන්නේ කව්ද කියලා..

දේදුනු හාදු ❤ [Taekook] On Going حيث تعيش القصص. اكتشف الآن