[නවවෙනි කොටස]

241 55 31
                                    

පාන්දර 4ට තියපු එලාම් එකට ගැස්සිලා ඇහැරුණ මම ඇද උඩ තිබ්බ ෆෝන් එක මෙට්ටෙ උඩ අත පත ගාලා කොහොමහරි හොයාගෙන එලාම් එක ඕෆ් කරලා දැම්මා.. විනාඩි පහක් විතර ඇදේ පත බෑවිලා ඉදලා ඊළග මොහොතෙ මං නැගිට්ටා.. ජනෙල් රෙදි ඈත් කරලා ජනෙල් දෙකත් ඇරපු මම දැක්කෙ ශේනුලගෙ උඩ තට්ටුවෙ ලයිට් දාලා තියෙනවා.. ඒ කියන්නෙ එයාලත් නැගිටලා..

දොර ඇරගෙන කෙලින්ම කුස්සියට යද්දි අයියා නැගිටලා උයන්නත් පටන් අරගෙන.. මට 5ට ලෑස්ති උනත් ඇති 5.15 වෙද්දි ලෑස්ති වෙලා ඉවර වෙන්න පුලුවන්.. 5.45ටනෙ ගෙදරින් යන්නෙ.. මං කුස්සියට එනවා දැකලා අයියා කතා කලා..

" ගුඩ් මෝනින් බබා.. කොල්ලෝ රතු අල උයලා, මාළු මිරිසට හදලා කොළ මැල්ලුමක් හදනවා හොදේ කනවනෙ.. "

" ගුඩ් මෝනින් අයියේ.. ශාහ් මරු මෙනු එක.. මං කනවා අයියො ඔයා මොනාද ඔය අහන්නෙ.. කෝ මොනාද කල්ලා ඕන.. "

" එහෙනම් කමක් නෑ.. සෙනසුරාදා දිහාට බඩු ගේන්න යන්න ඕනෙ කොහොමත්.. මං මේ කොළ ටික ලියනකම් අර රතුඅල එක බලන්නකො.. තව ටිකකින් කිරි ටිකක් දාන්න හොදේ.. "

" හරි අයියෙ මං බලන්නම් ඔයා ඔය ටික කරන්න.. "

අයියා කිව්ව විදිහට මං ලිප ලගට ගිහින් රතු අල එක බලද්දි ඒකේ වතුර ටික හිදිලා තිබ්බ නිසා මං උකුවට තිබ්බ පොල්කිරි ටිකක් දාලා වැඩියෙ හැඳි ගාන්නෙ නැතුව ලුණු බලලා හැන්ද පැත්තකින් තියලා බලාගෙන හිටියා.. අයියා මාළු ටිකත් සුද්ද කල්ලා තියලා තිබ්බ නිසා මං ඒකට ගොරකා සුදුළූණු තම්බලා තිබ්බ ටික අරගෙන බ්ලෙන්ඩර් එකේ ලාවට අඹරලා මාළු එකට දාලා, මිරිස් කුඩු ටිකක් දාලා ඒකටම වතුර ටිකක් වෙන්න දාලා අතින් පොඩ්ඩක් අර දාපු ටික මික්ස් කලා.. ආයෙම ලිප ලගට ගිහින් රතුඅල එක බලද්දි ඒක ගානට හිඳිලා තිබ්බ නිසා ඒක ලිපෙන් අයින් කල්ලා මාළු එක තිබ්බා..

" අයියෙ රතු අල එක හරි මං ඒක ලිපෙන් බාලා මාළු එක තිබ්බා.. වෙන මොනාද කරන්න ඕනේ.. "

" හරි බබා වෙන මුකුත් කරන්න ඕන්නෑ කොළ ටික මලවන එක මං කරගන්නම් ඔයා වොශ් එකක් දාගෙන ඇවිල්ලා මල් කඩලා ලෑස්ති වෙන්නකො.. "

දේදුනු හාදු ❤ [Taekook] On Going Where stories live. Discover now