[දහනව වෙනි කොටස]

135 33 12
                                    

" කොහෙද මේ ගාල කඩාගත්ත හරක් පැටියා වගේ දුවන්නෙ.. "

" ආදි... අයියෙ ඔයා.. ඔයා මොකක්ද මෙතන කරන්නේ අතාරින්න මාව.. "

මං හිතුවා හරි මාව අල්ලගෙන තියෙන්නේ ආදිත්‍ය අයියා තමයි.. එයාගෙ අත් තවමත් තිබුනේ මගේ ඉනවටේ එතිලා.. ඒක නිසාම මං කිව්වා මාව අතාරින්න කියලා ආසයි එයාගෙ අස්සට වෙලා ඉන්න.. ඒත් මේක ස්කොලේ.. කොයි වෙලේ මෙතනින් ලමයෙක් ගුරුවරයෙක් යයිද දන්නෙ නෑ.. ඒත් මට තේරුනා මං එයාට මාව අතාරින්න කිව්වම කේන්ති යනවා.. මෙච්චර වෙලාම තදට එතිලා තිබ්බ එයාගෙ අත්දෙක අයින් උනා.. එහෙමම මාව බිත්තියට හේත්තු කරපු ආදිත්‍ය අයියා කෑ ගහන්න ගත්තෙ මගෙ බෙල්ල එයාගෙ එක අතකින් හිරකරගෙන වෙද්දි මං හිටියේ හොදටම කන්ෆියුස් වෙලා..

" ඇයි යකෝ.. ඇයි උබට තේරෙන්නෙ නැත්තෙ.. මං මෙච්චර උබ ලගින් ඉදලත් උබට ඉඟි දීලත් ඇයි උබ තේරෙන්නෙ නැ වගේ ඉන්නෙ.. උබට මාව විහිලුවක්ද කියපන් මිහිනු.. "

" අය්..යේ.. "

" නවත්තපන්.. කතා කරන්න එපා උබ.. තෝව දැක්ක දවසෙ ඉදන්ම මං තොගෙ පස්සෙන් වැටිලා හිටියේ.. "

" ලොකූ... උබ මොකක්ද යකෝ ඔය කරන්නෙ.. ගන්නවා අත අහකට.. දිලුම් මිහිනුව අල්ලගනින්.. "

එයා එයා.. මොනවද මේ කරන්නෙ.. ආදිත්‍ය අයියා කියන්නෙ මෙහෙම දරුණු කෙනෙක් කියලා මං කවදාවත් හිතුවෙ නෑනේ.. ආදි අයියගෙ නියපොතු වලට මගෙ බෙල්ල හීරෙද්දි එයාගෙ අතින් ගැලවෙන්න කොච්චර හැදුවත් ඒක හරි ගියෙ නැති තැන මට කරගන්න දෙයක් නැතුව එහෙට මෙහෙට දැගලුවා.. ඒත් අන්තිමේට ආදිත්‍ය අයියා කියන්න ගිය දේ නැවතුනේ අපි ඉන්න තැනට කෑ ගහගෙන ආව ශේනුයි, දිලුම් යි නිසා..

" තොට පිස්සුද ලොකූ.. යකෝ අපි දෙන්නා ආවේ නැත්නම් මෙතන මේ කොල්ලා මැරිලා.. යකෝ තෝ ආදරෙයි නම් ඒක කෙලින්ම කියපන්.. හුත්ත.. අහිංසකයව මරන් කන්නෙ නැතුව.. මෙහෙ වරෙන් උබත් යන්න.. "

ශේනු අයියටත් හොදටම බැනලා මාවත් එක්කගෙන ආයෙම පන්තියට ගියා.. මං ගිය ගමන් වතුර එක බීගෙන බීගෙන ගියේ සිරාවටම තව ටිකක් හිටියනම් මගෙ හුස්ම ටික යනවා නේද කියලා හිතනගමන් වෙද්දි දිලුම් මගෙ පිට අත ගගා මගෙ එහාපැත්තෙන් වාඩි උනා..

දේදුනු හාදු ❤ [Taekook] On Going Where stories live. Discover now