[හත්වෙනි කොටස]

261 51 26
                                    

කිරි වීදුරු දෙකත් අරගෙන ඇතුළට ආව මම ඒ දෙක හෝදලා තියලා ගියේ ආයෙමත් ඉස්තෝප්පු කෑල්ලට.. කලින් ලාවට පොද වැටුනත් මේ වෙද්දි හයියෙන් වහින්න පටන් අරගෙන තිබුනා.. එයාගෙ අතේ කුඩයක් වත් තිබ්බෙ නැතිකොට වැස්සෙ තෙමෙනවද දන්නෙ නෑ කියන සිතුවිල්ල මගෙ හිතේ තිබුනා.. දිලුම්, ශේනු, අපෙ අයියා නැන්දලා කවුරුත්ම පේන්න නොහිටිය නිසා ඉස්තෝප්පු කෑල්ලෙ අයිනක තියලා තිබුන කූඩයෙන් කුඩයක් අරගෙන සෙරප්පු දෙකත් දාගෙන ගේට්ටුවත් ඇරගෙන එලියට බැස්සෙ ආදිත්‍ය අයියව හොයාගන්න.. මේ මනුස්සයා කොහෙ මගුලෙ යනවද මන්දා වැස්සෙ.. වටපිට බල බල එද්දි දන්නෙම නැතුව පාරටම ඇවිල්ලා.. මං දන්නෙත් නෑ මෙහෙ තැන්.. තව ටිකක් ඉස්සරහට ගිහින් වංගුවෙන් හැරුනම වෙල..

එතනිනුත් ඉස්සරහට ගිහින් වෙල පටන් ගන්න තැනට යද්දි මං දැක්කෙ පොඩි පැලක් ඇතුලෙ ලී කොටයක් උඩ වාඩි වෙලා ඈතක් බලාගෙන ඉන්න ආදිත්‍ය අයියව.. දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ.. ලොකු හුස්මක් පහතට දාපු මම සෙරප්පු දෙල ගලවලා අතට අරගෙන නියර දිගෙ ගිහින් පැලට ගොඩවෙලා එයාගෙ පිටිපස්සෙන් හිටගත්තා.. ඒ සැනින්ම එයා ඇස් දෙකත් ලොකු කරගෙන මං ඉන්න පැත්තට හැරුනෙ හරියට මගෙන් 'මිහිනු ඔයා මෙතන මොකද්ද කරන්නෙ' කියලා අහන්න වගේ..

" මිහිනු.. මොකද්ද ඔයා මෙතන කරන්නෙ.. තනියමද ආවෙ මේ වැස්සෙ මොකද්ද කරන්නෙ ආහ්.. "

හොර වැඩක් කරපු කෙනෙක් වගේ මං මෙතන මොකද්ද කරන්නෙ කියලා අහන ගමන් මගෙ අතෙ මැණික් කටුව ලගින් තද කරලා අල්ලගත්තු ආදිත්‍ය අයියා අත අතාරින්නෙ නැතුවම ලී කොටෙන් නැගිට්ටා..

" මම මේහ්.. මේ අයියා වැස්සෙම ආව නිසා කොහෙද කියලා බලන්න ආවේ.. "

" මිහිනු..!! මාව හොයාගෙන එන්න කලින් කියනව මට තමුසෙ මේ පාරවල් දන්නවද ආහ් තනියම කොහෙවත් යන්න එපා කියන්නෙ එපා නිසා.. පොඩී එක්ක හරි එන්න තිබුනනෙ ආ.. "

" එයා..ලා..කවුරුත්.. හිටියෙ.. නෑ.. ඒකයි මං තනියම..ආවේ... "

" දැන් මොකද අඩන්නෙ අඩන්න තරම් දෙයක් මං කිව්වද ම්ම්.. "

" ඉතින් කෑ ගහන්නෙ හහ්.. ඔයාව හොයන්නනෙ ආවේ.. "

" කෑ ගහන්නෙ නෙවෙයි දෙන්නෙ පාරක් තෙමි තෙමි..අව්ඩ් එනවා යන්න ගෙදර කෝ කුඩේ.. "

දේදුනු හාදු ❤ [Taekook] On Going Место, где живут истории. Откройте их для себя