[දහවන කොටස]

246 51 54
                                    

ශේනුගෙ අතෙන් ඇදගෙන ආව මම කෙලින්ම නැවතුනෙ ක්ලාස් එකේ අපි ඉන්න ඩෙස්ක් තුන ළග.. ශේනුගෙ අතින් අතෑරපු මම මගෙ පපුවට අතකුත් තියාගන්න ගමන් හයියෙබ් හුස්ම ගත්තෙ දුවගෙන දුවගෙන ඇවිල්ලා මහන්සි වැඩි නිසා.. ඇරත් මට පොඩි කාලෙ ඉදන්ම හතිය තියෙනවා.. දිලුමත් බලාගෙන ඉන්නවා අපි දෙන්නා දිහා යකෙක් ගහලා වගේ..

" ඕයි මේ මේ ආ වතුර ටිකක් බීලා හිටපන්.. "

" හිමින් හුස්ම ගනින් පගෝ තෝත් අනේ මන්දා.."

මගෙ බෑග් එකෙන් වතුර බෝතලෙ අරගෙන මගෙ කටට ලංකරලා වතුර ටික පෙව්ව දිලුම් පිටත් අතගගා හිමින් හුස්ම ගනින් කියද්දි මං හිමින් හිමින් හුස්ම ගත්තා..

" මිහිනු දැන් හරිද යකෝ තෝ මොකටද එහෙම දුවගෙන ආවේ පිස්සුද බං.. "

" ආ..හ්..ශේනු.. මේහ්..නෑ නෑ..මට..හ් හෝම්වර්ක්.. එකක් තිබ්බා කරන්න... ඒකයි ආවේ.. ඉක්මනට.. "

" කුනුහරුප කියවෙනවා දිලුම් මට මෙන්න මේකගෙ ගොං වැඩ වලට.. කෝ එහාට්ට පලයන්.. "

" හරි හරි දැන් අව්ලක් නෑ මං හොදින්.. "

" හරි දැන් අද උබලා පන්තියට එනවනෙ නේ.. අද අලුතින්ම පටන් ගන්නෙ.. "

" ඔව් ඔව් අනිවාර්යයෙන් එනවා.. 3ට නෙ තියෙන්නෙ අපෙ අයියටත් 3ට combined maths class එයත් එක්කම යන්න පුලුවන්නෙ.. "

" අයියත් අපි යන තැනටමද ක්ලාස් එන්නෙ.. "

" ඔව් අම්මයි තාත්තයි කැමති නෑ අපි නුගේගොඩ ක්ලාස් යනවට ඇරත් ඕවගෙ හෙනට ලමයි ඉන්නවා දන්නෙ නැති තේරෙන්නෙ නැති දෙයක් අහගන්නත් බෑ.. "

" ඒකනම් ඇත්ත තමයි.. "

7.30 බෙල් එක ගහනකම්ම අපි තුන්දෙනා කියව කියව හිටියා.. බෙල් එක ගැහුවට පස්සෙ ගාථා කියන්න පටන් ගත්තු නිසා පන්තියෙ හැමෝම නැගිටලා ගාථා කියන්න ගත්තා.. හරියටම 7.45 වෙද්දි හෙඩ්, ඩිපියුටි හෙඩ් එනවනෙ ක්ලාසස් බලන්න.. දැන් වෙලාව හරි මුලු සෙක්ශන් එකේම හීනියට හරි තිබුණ කසුකුසුව නැත්තටම නැති වෙලා ලමයි ටික හොදට ගාථා කිව්වා.. තවත් විනාඩියක් විතර යද්දි ආදිත්‍ය අයියයි එදා හිටිය සුදු උස අයියයි අපෙ ක්ලාස් එඅ ලගින් නැවතුනා.. කරුමෙට ඒ වෙලාවෙම භාවනා කරන්න ගත්තා.. මං ඇස් දෙක වහගෙන ශේනුගෙ ඇගටම ඇලෙද්දි අපෙ පන්තියට ඇතුලට කවුරු හරි ආවා අනිවාර්යයෙන් ඒ ආදිත්‍ය අයියා වෙන්න ඕනේ..

දේදුනු හාදු ❤ [Taekook] On Going Where stories live. Discover now