[හතරවෙනි කොටස]

289 49 32
                                    

පළවෙනි පීරියඩ් එකේ ඉදන් හතරවෙනි පීරියඩ් එක වෙනකම් එක දිගට ඉගැන්නුවා.. පන්තිභාර ටීචත් ගොඩාක් හොදයි.. තරුණ කෙනෙක් මාව පන්තියට අඳුන්වලත් දුන්නා.. මං හිතුවටත් වඩා මේ ස්කෝලෙ හොදයි ළමයින්ගෙත් වරදක් නෑ.. ඒත් ඉතින් සමහරු නම් ඉන්නවා ලොකුකම් දාන උන්.. රැග් කරන්න හැදුවක් ශේනු, දිලුම් දෙන්නා නිසා බේරුනා.. රැග් කිව්වට ඔය සිංදුවක් කියන්න නටන්න ඒවට තමයි.. දැන් අපිට ඉන්ටවල් එක.. ගෙදරින් ගෙනාවෙ කිරිබත් එක දැක්ක ගමන් දිලුම්ට පෙරේතයා වැහුනා..

" හිමීට කනවකො මනුස්සයො හිර වෙයි බං උබට.. "

" කිරිබත් කියන්නෙ හිමීට කන්න පුලුවන් ජාතියක් නෙවෙයි ශේනුවෝ.. අඩෙ මේ හුරතලේ ඔයාලෑ අම්මට කියන්න මට හැමදාම කිරිබත් හදලා එවන්නැයි කියලා.. "

" මොකක් හැමදාම කිරිබත් කෑවොත් තෞසෙට යන්න වෙන්නෙ ඉස්පිරිතාලෙට තමයි.. "

" ඉක්මනට කන්න අනේ ඊළඟට තියෙන්නෙ මියුසික් නේ.. "

" ආහ් කියන්න අමතක උනා මහියො අද මිස් ඇවිල්ලා නෑනේ මියුසික් පැවරුමක් දීලා තියෙන්නෙ ඒක කරමු.. "

" ඕහ් එහෙමද හරි එහෙනම් එහෙම කරමු.. "

තුන්දෙනත් එක්ක කාලා වතුර බීලා පහළට ගියේ අතහෝදගන්න.. ටැප් තියෙන තැන ළමයි උතුරනවා.. ස්කෝලෙන් භාගයක්ම ඉතින් අත හෝදන්න ඇවිල්ලා..

" මේ මෙතන අත හෝදගන්න හිටියොත් ඉතින් පන්තියට යන්න වෙන්නෙත් නෑ.. "

" ඒක තමයි බං ප්‍රිෆෙක්ට් රූම් එක ළග තියෙන එකට යමු එතන කවුරුත් නෑ.. "

ශේනුයි, දිලුම් ගෙයි පස්සෙන් මමත් ගියේ බෙල් කරන්න කලින් අත හෝදගන්න.. මේකුන් දෙන්නා නම් ඔහේ යනවා මමත් දෙන්නගෙ පිටිපස්සෙන් ඔහේ යනවා.. කොහොමහරි විනාඩියකට විතර පස්සෙ අපි හිටියෙ වෙනම සුදු පාට තීන්ත ගාපු පන්ති කාමරයක් වගේ තැනක.. ඒක පොඩ්ඩක් උඩට වෙන්න වගේ හදලා තිබ්බෙ.. ඊට චුට්ටක් මෙහායින් ටැප් හතරක් හයි කල්ලා සින්ක් එකක් තිබ්බා.. එතනනම් ලමයි කවුරුත්ම නෑ..

" හුරතලේ මේ තියෙන්නෙ අපෙ ස්කෝලෙ ප්‍රිෆෙක්ට් කාමරේ.. මේකේ තමයි ප්‍රිෆෙක්ට්ස්ලා ඉන්නෙ.. "

දේදුනු හාදු ❤ [Taekook] On Going Where stories live. Discover now