50 කොටස

Zacznij od początku
                                    

.

.

.

.

"ප්ලීස් ආයෙත් එන්න අක්ෂී..."
පාළුවට ගියපු එයාගෙ අපාට්මන්ට් එකේ ඇඳ ළඟ බිත්තිය මුල්ලට ගුළිවෙලා පිටු හාරසීයක විතර ලෙදර් කවර් එකක් තිබුණ එයාගෙ ඩයරි එක බදාගෙන කඳුළු පෙරාගෙන හිටිය මගෙ තොල් අතරින් ඒ වචන දෙක තුන මිමිනෙද්දි මට ඉබේට ම ඇඳට එහා පැත්තෙ බිත්තියෙ එක එක මට්ටමින් එල්ලලා තියෙන අපි පස්දෙනාගෙ ෆොටෝස් ටික දිහා බැලුණා...ඒ හැම එකක ම එයා හරි ලස්සනට හිනාවෙලා ඉන්නවා....මාත් හිනාවෙලා...මට ම දැක්කා ම මම එහෙම හිනා වුණේ කොහොමද කියලා හිතෙන තරමට මගෙ හිනාව එළියයි...

මම ඒ දිහා බලාගෙන හිනාවෙන්න කීප වතාවක් උත්සාහ කළත් මට සද්දෙට ඉකි ගැහෙද්දි මම ඩයරි එක පපුවට තුරුල් කරගෙන දණහිස් දෙකේ ඔලුව ගහගත්තා...

මගෙ ෆෝන් එක රින්ග් වෙනවා ලිවින්ග් ඒරියා එකේ...ඩෝ බෙල් එක වදිනවා එක දිගට...දැන් විනාඩි දහයක් විතර තිස්සෙ...මම යන්න ඕන දොර අරින්න ඕන කියලා හිත කිව්වත් මට අදත් එයාගෙ ඩයරි එකේ පිටු දහයකට වඩා කියවන්න බැරි වුණා...ඒ වදන එකක් නෑර හැම පරණ තත්පරයක් ම මතක් කරද්දි ඒ මතක මාව අඩපණ කරලා දාලා තිබුණා...ඩෝ බෙල් එක වදින නිසා සයිලෝ බුරාගෙන යයි කියලා මම බලන් හිටියත් ආයෙම දැන් සයිලෝ මෙහෙ නෑ නේද කියලා මතක් වුණා ම මම ඇඳට වාරු දීලා බිමින් නැඟිටලා ගිහින් දොර ඇරියා...

"තොගෙ කන් ඇහෙන්නෙ නැද්ද හු-තෝ!? ඇයි යකෝ මෙහෙම ගින්දර දෙන්නෙ!?"
කවියා මට බැන බැන ඇතුළට එද්දි මම ඩයරි එක බදාගෙන උගෙ පිටිපස්සෙන් ම ගිහින් සෝෆා එක කෙළවරින් වාඩි වුණා...

"උඹ අර දොරට අලුත් පාස්වර්ඩ් එකක් දෙනවද නැද්ද!?"

"බය වෙන්න....එපා...මම....මට මොනවත්...කරගන්නෙ...නෑ....."

"උඹට ඕව මතක තියෙද කියන එකනෙ බං ප්‍රශ්නෙ..."

මම ස'ජරි එකෙන් පස්සෙ සිගරට් එකක්වත් කටේ තිබ්බෙ නෑ... තියෙන්නෙත් නෑ...ඒ වගේ තමයි... මම මේ දේවල් දරාගන්න කොච්චර අමාරු වුණත් එයා දුන්න දඬුවම පිච්චි පිච්චි ජීවත් වෙන්න කියන එක නම්...මම ඒක පිළිගන්නවා...ජීවත් වෙනවා... ඉබේ හුස්ම නවතින දවසක් එනකන් මැරි මැරි ඉපදෙනවා...

හුස්මක් දුරින්...Opowieści tętniące życiem. Odkryj je teraz