"ආ.... එහෙම කියලා බෑ.. මම හිතුවේ මෙතන ඇවිල්ලා මහා ගෙදර තුල්සි වගේ අර තසිම කරකවලා ඔළුවේ ගහලා ආශිර්වාද කරයි කියලා.. ඒවා දැන් ඒකිගේ යුතුකම් ගෙදර ලොකු ලේලි විදිහට.." අරවින්ද නැවතත් සිනාසෙන්නට ගත්තේ මේවා නිරාශාට ඇසුනා නම් ජනිත් ගුටි කන ආකාරය මවා බලායි.

"නෑනේ හින්දි සීන් එකේ ටිකයි ඉන්නේ.. ෆුල් කොරියන් සීන් එකේනේ ඉන්නේ.. හ්වයිටින්ග් ගායි ඇවිත් ඉතිං..." අරවින්ද පැවසුවේ තවත් බත් කටක් කාටද මන්දා අනමිනි.

"හයි මොකක්? යකෝ දැන් උඹටත් කොරියන් පුළුවන්ද?" ජනිත් අරවින්දගෙන් ඈත් වූයේ ඔහු වෙනස් වී ඇති ආකාරය සිතාගත නොහැකිවයි. අරවින්ද නම් සිනාසුනේ ජනිත්ගේ ප්‍රතිචාරයටයි.

"හයියෝ.... හ්වයිටින්ග් කියන්නේ ඉංග්ලිෂ් වලින් ෆයිටින් කියනවා වගේ අනේ... ඕක දන්නැද්ද ජනිත් අයියේ ඔයා..." අරලියා ජනිත් හට පහදා දීමට උත්සාහ කළෙන් ජනිත් ඈ දෙසත් බැලුවේ කටත් ඇරගෙනයි.

"යකෝ ඒ පාර මේ ගෙදරම එවුන්ට කොරියන් පුළුවන්නේ...!" ජනිත් කෑ ගසද්දී අරවින්ද සහ අරලියා සිනාසුනේ ජනිත්ටයි.

"මම හරි... කවුද මාව ගෙනිහින් දාන්නේ?" සේපාලිකා කාමරයේ සිට පැමිණියෙ තම බෑගයත් රැගෙනයි.

"ගෙනිහින් දාන්නේ කවුද අහන්නේ? වෙන කවුද මම! ජනිත් උඹට ඕනේම නම් පිටිපස්සෙන් වරෙන්" අරවින්ද සේපාලිකාට රවා දිව ගියේ අත සෝදාගැනීමටයි. ඉතිං ජනිත් ඔහුට ඉඩ දුන්නේ ඔහුගේ වගකීම අකුරටම ඉටු කරන්නට ඉඩ සාදා දෙමිනි.

"හොඳට ලියන්න ලොකූ..." පාසල වෙතට පැමිණියාට පසුව අරවින්ද තම නැගණියගේ හිස පිරිමැද ඇයට සුභ පැතුවා. සේපාලිකා පාසල ඉදිරිපිටම අරවින්දට දණ නමා වැන්දේ දෙනෙත්වලට කඳුළු කැට ද මෝදුවද්දීයි. ඉතිං තම මව මෙන්ම පියා ද ඔහුයි. ඔහුට වැන්දාට වරදක් නැත. අරවින්ද ඇයට හදවතින්ම ආශිර්වාද කළේ එක්වරම ඔවුන් අසලින් ත්‍රීරොද රථයක් නවත්තද්දීයි.

"දෙයියනේ වෙලාවට මම ආවේ.. ලොකූ...." නිරාශා ත්‍රීරෝද රථයෙන් බිමට බැස සේපාලිකාට කෑ ගැසුවේ තම මුදල් පසුම්බිය අදිමිනි. "මං දෙන්නම්.. කීයද අයියේ?" අරවින්ද නිරාශා හට සේපාලිකා හා කතා කිරීමට ඉඩ සලසා දෙමින් ත්‍රීරෝද රථයට මුදල් ගෙවීම සිදුකළේ සිය කැමැත්තෙන්.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now