123

79 6 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
123

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"රා.....යා!"

ඔහුගේ මුවින් මහා හඬින් පිටවූයේ ඒ අකුරු දෙකයි.

නදීෂ් ඉක්මනින්ම දිව ගියේ ඇය වෙතටයි. මේ වනවිටත් නුරායා සිටියේ 'හොඳ' යැයි කිවහැකි සිහියකින් නොවෙයි. එනිසයි සමාජ ශාලාවේ සේවකයන් විසින් ඇයව බීමෙන් වැළැක්වීමට උත්සාහ දැරුවේ. නමුත් නුරායා කිසිවෙක් පවසන කිසිවක් ඇසීමට කැමැත්තක් නොදැක්වූවා.

"අතාරිනවා මාව.... අතාරිනවා කිව්වාම අහලා..." නුරායා සේවකයෙක්ගේ අතින් තම දෑත් මුදවාගෙන සූදානම් වූයේ තවත් කෝක්ටේල් වීදුරුවක් පානය කිරීමටයි. නමුත් එයට සේවකයාගෙන් නම් ඉඩක් නොවුනි.

"Leave her!"

නදීෂ්ගේ හඬින් සේවයකයාගේ අතින් ඉබේටම නුරායාගේ අත ලිහිල් වී ගියෙන්, ඇය අසුනක් මතට බර වී ගියා.

"ඒත් සර්...."

"She's my girlfriend!"

නිහඬතාවය මධ්‍යයේ නදීෂ් එලෙස පැවසුමත් සමඟම රාත්‍රී සමාජ ශාලාව පුරාම ඇදී ගියේ කසු කුසුවකි. ඒ මෙතෙක් වේලාවක් නදීෂ් තරුණියන් සමඟ නැටූ නැටුම් සියළු දෙනාගේම අවධානයට නතු ව තිබුණු නිසයි. "රායා..., නැගිටිනවා.. අපි දැන් යන්න ඕනේ.." නුරායාගේ බාහුවකින් අල්ලා නදීෂ් ඇයට නැගිටීමට උදව් කළේ සංකීර්ණ වූ වතිනි. නුරායාගෙන් මෙවැනි ප්‍රතිචාරයක් ඔහු කෙලෙසකින්වත් බලාපොරොත්තු වූයේ නැති අතර, ඔහු ඊට නම් එතරම් ප්‍රිය නොවූවා. "අනේ... රදී...ෂ්... මට..." නුරායා යමක් කීමට ගියත් එක්වරම ඇය ඇදගෙන වැටුනේ නදීෂ්ගේ සිරුර මතටයි. නදීෂ් බර සුසුමක් හෙළූයේ ඇය දෙස බලාගෙනයි. අවසන එක්වරම නුරායාව තම දෙඅත් මතට ඔසවාගත් නදීෂ්, රාත්‍රී සමාජ ශාලාවෙන් පිටතට පැමිණියේ කෝපයෙන් පිඹිමිනි. ඇයගේ බාගෙට ඇරී තිබුණු දෙතොල් මතින් යමක් මුමුණනවා මෙන් ඇසුනත්, ඊට අවධානය නොදුන් නදීෂ් නුරායාව තම රථයේ ඉදිරි අසුනට වීසී කර මෙන් දැමුවේ නිම්හිම් නොවුනු කෝපයකිනි.

"නදී...ෂ්.. අනේ... නදී..ෂ්" රථය ඉදිරියට පදවාගෙන යන නදීෂ්ට ඇසුනේ නුරායාගේ සිහින් කෙඳිරිලි හඬයි. කෝපයෙන් සුසුමක් හෙළූ නදීෂ් රථයෙහි වේගය තව තවත් වැඩි කළේ තම කෝපය පිරිමහන්නට මෙනි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now