134

46 9 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
134

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"අනේ නුරායා... ඔයාට පුළුවන්ද අදට විතරක් මෙයාව බලාගන්න?" මීළඟ දින උදෑසන මධුමිතා පැමිණියේ තම ආදරණීය 'සුදු බෝලේ'වත් රැගෙන නුරායාගේ නිවසටයි. "අද දෝණිගේ ඉස්කෝලේ වැඩේට මමයි, නිමූයි දෙන්නාම දවසම එලියේ අනේ.. ඒ නිසා මෙයාව තනියම ගෙදර දාලා යන්න බෑනේ.. මෙයාව බලාගන්න දාන තැනත් අද ගන්න බෑ කිව්වා" මධුමිතා පැවසුවෙන් නුරායා සතුටින් සුදුබෝලේව භාරගත්තේ, ඈ කවදත් එම පූස් පැටියාව ප්‍රිය කළ නිසාවෙනි.

"මං බලාගන්නම් අක්කේ.. ඔයා බයවෙන්න එපා... අපි දෙන්නා අද පාටියක් දාන්නම්කෝ..." නුරායා සිනාසී පවසද්දී මධුමිතා ද සිනාසී ඇයට ස්තූති කළා. ඉතිං නුරායාගේ කාලය දහවල් වනතෙක්ම ගතවූයේ සුදුබෝලේත් සමඟයි. කාලයකට පසුයි ඈ සිනාසුනේ. ඉතිං දැන් ඇයට සිනාවත් අමතකව ඇති ලෙසකුයි දැනුනේ.

නමුත් නුරායාගේ ඒ සතුට තවත් කොපමණ වේලාවක් තියේද?  

。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。

නිවසේ දොරටුවට තඩිබාන හඬ ඇසී නුරායා තිගැස්සුනේ තම සිරුර මත සිටී සුදුබෝලේ ද බිමට අතෑරෙද්දීයි. ඈ විගසට දිව ගොස් දොරටුව විවර කළේ තව තවත් මහා හඬින් තඩිබෑම ඇසුණු නිසයි.

"උඹ!" නිවසෙහි දොරටුව විවර වූ සැනින් නුරායාගේ බෙල්ලෙන් අල්ලාගත් නදීෂ් දොරටුව ද අඟුලු ලාගෙන නුරායා වෙතට ආවේ ඈ භීතියෙන් පසුපසින් පසුපසට යද්දීයි.

"උඹ කොහොමද මම නැති අතරේ ගෙදර දොර ඇරියේ ආහ්?" නදීෂ් කෑ ගැසුවේ නුරායාගේ ගෙල තව තවත් තද කරමිනි. "මම... ඒ.. ම..ධූ... අක්කා...නේ.." නුරායා අපහසුවෙන් පිළිතුරු බැන්දත් නදීෂ් නම් ඉන් සැනසුනු බවක් පෙනෙන්නට නොතිබුණි.  "මොන බැ-ලි වුණත් තෝ මොකටද දොර ඇරියේ... තෝ හිනාවෙලා ඉන්න බෑ.. හොඳට මතක තියාගනින් තොගේ හිනාවත් මම උදුරගන්නවා..." නුරායාව අතැරී නදීෂ් මුළුතැන්ගෙයට ඇවිද ගියේ වේගයෙනි. නමුත් නුරායා නම් බිත්තිය දිගේ බිමට ඇදී ගොස් බිම ඇදගෙන වැටුනේ හුස්ම ගැනීමට උත්සාහ දරමින්. ඔහු තම ගෙල මිරිකූ තරම ඈට දරාගත නොහැකි විය.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now