100

165 11 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
100.

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"ර..ර...දී...ෂ්...!?"

නුරායාගේ මුවින් වචන පිට වූවාදැයි සැකයකි. ඈ බලා සිටියේ තමා ඉදිරියේ සිටගෙන සිටින පුද්ගලයා දෙසයි. ඔහු තම හිසකෙස්වලින් අදිමින් උගුර යටින් ශබ්ද කරමින් සිටින්නේ වේදනාවෙන් මෙනි.

මේ නම් රදීෂ් විය නොහැකිය.

"ආ......හ්...... ආආ........" ඔහුගේ හඩ අසා සිටිය නොහැකි තරම් රෞද්‍ර ය.

නුරායා තවමත් අපහසුවෙන් මෙන් හුස්ම ගනිමින් ඔහු දෙසම බලා සිටියේ දෙනෙත් වල කඳුළු බිඳු අලුත් වද්දීයි.

මේ නම් රදීෂ් විය නොහැකිය. නමුත් පෙනුමින් නම් ඔහු ම ය. කෙස් ගහකවත් වෙනසක් නැත. නමුත් නැත!

ඇඳුම් පැළදුම් , ඒ හැසිරෙන ආකාරය කෙසේවත් රදීෂ් නොවේය.

අනෙක් කාරණය නම්.., රදීෂ්ට කවරදාකවත් තමන්ට මෙලෙස අහිතක් කළ නොහැකිය.

එසේ නම් මේ කවුරුන් ද?

"ර..දී..ෂ්?" නුරායා නැවත වතාවක් උස් හඩින් ඔහුව ඇමතුවේ තරමක් භීතියක් ද හිතේ තියාගෙනයි.

"කට වහපන් ව- බැ-ලි! කට වහපිය!" එක්වරම නුරායා දෙස ඍජුව බැලූ ඒ දුඹුරු ඇස් නුරායාව කීතු කීතු කරනවා වැනි හැඟීමකුයි ඇයට ගෙනාවේ. නමුත් ඒ හඩ ඇයගේ සිතට ගෙනාවේ සැනසීමකි. ඒ ඔහුගේ හඩ නොවීය.

රදීෂ්ගේ මියුරු හඩ, රදීෂ්ගේ රූ ගත් මේ රුදුරු ආගන්තුකයාගේ හඩෙහි ගෑවී ව ත් නොවීය.

"තෝ..! තෝ.. තමයි මේ හැමදේටම මුල!" එක්වරම නැවත වතාවක් නුරායාගේ ගෙලෙන් ඔහු අල්ලාගත්තත් එය පෙර තරම් ම දැඩි වූයේ නැත. එමෙන්ම ඔහුගේ වතෙහි වූයේ වේදනාත්මක බවකි.

"ආ..........හ් මූ තොට ආදරේ වැඩියි හු-තියේ!!! මුගේ හිතේ තොට තියෙන්නේ පුදුම ඉලව්වේ ලව් එකක්නේ බැල්-යේ.." නැවතත් ඒ ගොරෝසු හඩ පෙර මෙන් කෑ ගැසුවේ නුරායාව තිගස්සවමිනි.

"ර..දීෂ්?" නුරායා නැවත වතාවක් අපහසුවෙන් මිමිණුවේ කිසිවක් වටහාගත හැකිව නොවේ.

"රදීෂ්! හ: මම තොගේ රදීෂ් නෙවේ බැල්-යේ... තෝ අන්න ඒක මතක තියාගනින් බ ලු වේ-! තෝ හිතාගෙන ඉන්නවා නම් මාත් එක්කත් ඌත් එක්ක වගේ හුරතල් වෙන්න, ඒවා හඳේ!" ඒ කතා කරන විලාසය නුරායාට තවත් අසා සිටිය නොහැකි තරම් විය. එයත් ඔහුට සමාන රුවකින්ම එවන් වදන් අසන්නට ලැබීම වේදනාවකි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now