108

59 8 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
108.

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

තවත් දින කීපයක්ම ගතව ගියේ නුරායා තව තවත් රදීෂ්ගෙන් දුරස් වද්දීයි. වෙනිදාට උදේ පාන්දරම ඔවුන් සිප ගත්තත්, දැන් නුරායා ඔහුගෙන් ඉවත්වන්නේ කිසිදු ස්පර්ශයක් ලබා නොදෙමිනි. කයිසරය වෙත පැමිණෙන අතරතුර වෙනිදාට රථය දෙවනත් වන්නට තොරතොරංචියක් නැතුව කියවන ඇය අද නිහඩය. කාර්යාලයේදීත් විටින් විට රදීෂ්ව සොයා පැමිණ දඟකම් කරන නුරායා නොවේ දැන් සිටින්නේ. රාත්‍රියේ දී ඔහුගේ පපුවට තුරුළුව නිදන ඇය නොවේ මේ..

මේ දින කීපයට නුරායා වෙනස්ම පුද්ගලයෙක් වී ඇත. නමුත් රදීෂ් තව තවත් ඇයට ළං වීමට උත්සාහ දරමින් තැවේ.

"නූ...ර්... we should talk.. මගේ අතින් මොනාහරි වැරැද්දක් වුණා ද නූ? ඇයි මේ? බැරි වෙලාවත් ඔයා..ට.. break up.. වෙන්න..." ඔහුගේ මුව ඇයගේ අතින් වැසී ගියෙන් රදීෂ් නිහඩ විය. මැළවී තිබුණු වතින් නුරායා ඔහු දෙස බැලුවේ කුමක් කියන්නදැයි නොදැනයි. ඔහු අසුන්ගෙන සිටී සෝෆාවේ ඔහු අසලින්ම ඉදගත් ඇය බර සුසුමක් හෙළූවා.

රදීෂ්, නදීෂ්, සුලෝ... ඇයගේ හිස පුරාම මේ නාමයන් දෝලනය වද්දී.. නුරායාට දැනුනේ තමන් උමතු වන්නට යනවාක් මෙනි.

"බැරි... වෙලාවත්... මේ හැමදේම මම මවාගත්ත දේවල් ද?

නදීෂ් කියලා කෙනෙක් නැද්ද?

ඒ.. හැමදේම මම මවාගත්ත දේවල් ද?

ඒත්...ඒත් අර බ්‍රේස්ලට් එකෙන් මම දැක්කේ මොකක්ද?

ඒ...ත්.. ඒ..ක.. මම දැක්කේ.. වැරදිලා නම්..."

තනිව කල්පනා කරමින් සිටි නුරායාගේ දෙනෙත් රදීෂ් වෙතට ගොස් නතර වූ අතර, ඔහු තම අතකින් ඇයගේ උරහිසක් තෙරපන්නට ගත්තේ ඒත් සමඟමයි.

"නෑ... වෙන්න බැහැ... මෙච්චර මට ආදරේ කරන දීෂ්.. එහෙම කරන්නේ නැහැ... එයා සුලෝටත් ගොඩක් ආදරේ කරන්න ඇති.. ඉතිං කොහොමද එයාව මරන්නේ? එහෙම වෙන්න බැහැ.. මට එදා පීරියඩ්ස් හැදිලා හිටියේ... සමහරවිට... ඒ නිසා... අමාරුවට.. මම දැක්ක දේවල් වෙනස්වෙලා පේන්න ඇති... ඔව්... එහෙම තමයි... නදීෂ් කියලා කෙනෙක් ඉන්න විදිහක් නැහැ... ඒක මගේ ඔළුවේ මැවුණ දෙයක්.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now