112

56 7 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
112

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

නුරායා සිටියේ තම කාර්යාලීය මේසය මත හිස තබාගෙනයි. පැලෙන්න මෙන් රිදුනු හිසත් අල්ලගෙනම ඇය කල්පනා කළේ ඔහු ගැනයි.

"ඇයි රදීෂ් අපිට මෙහෙම වුණේ? මොකක්ද දෙයියනේ මේ හදිස්සියේම වුණ දේ?

නදීෂ්...?

හීනෙකින්වත් මේ වගේ දෙයක් හිතුවද..?

අපි කොච්චර නම් හීන දැක්කද...

ඒත්... ඒ හැමදේම බොඳවෙලා යනවා වගේ දැනෙනවා මට...

මේ දේවල්... මේ දේවල්..  මට දරාගන්න තිබුණා.. ඒ වෙන කෙනෙක් වුණා නම්.. ඒත්.. ඒත්... නදීෂ් කියන්නෙත් ඔයාම වෙනකොට.. මම කොහොමද මේ දේවල් තනියම දරාගන්නේ දීෂ්, ඔයාවත් මගේ තනියට නැතිකොට?

අනේ දෙයියනේ...

මම... ඔයාව බේරගන්න ඕනේ..

ඔයාව විතරක් නෙවෙයි... මාවත් බේරගන්න ඕනේ මේ රාක්ෂයාගෙන්..."

එක්වරම ඇයගේ දුරකතනය නාද වූවෙන් නුරායා තම සිතිවිලි ලොවෙන් පිටතට පැමිණියා. ඇමතුම පැමිණෙන්නේ රදීෂ්ගෙන් වද්දී, වෙනිදාට නුරායාගේ වතට සිනාවක් කැන්දුවත්, අද ඇයගේ වත මැළවී ගියා.

"හෙ..ලෝ..." හැකි තරම් තම හඩ පාලනය කරගෙන නුරායා ඇමතුමට සවන් දුන්නේ ඉවෙන් මෙන් ඒ රදීෂ් නොවන බව සිතට දැනෙද්දීයි.

"හෙල්ලොව්....!" ඉතිං ඇය සිතුවා නිවැරදි ය. මේ නම් කිසිසේත්ම ඔහු නොවේ.

"කොහොමද කෙල්ලේ? මම දන්නවා දැන් උඹේ ඔය පුංචි ඔළු ගෙඩියේ මොනාද වැඩ කරන්නේ කියලා. උඹ හිතාගෙන ඉන්නවා නම් මගෙන් ලේසියෙන් ගැලවෙන්න පුළුවන් කියලා, අන්න එතන තමයි උඹට වැරදුනේ. තේරුණා ද කෙල්ලේ?" නුරායා පුදුමයෙන් අසා සිටියේ ඔහුගේ කටහඩයි.

දුරකතනය හරහා කතා කරන නිසා දෝ මන්දා ඒ කටහඩ හොදින්ම ඇසෙද්දීයි ඇයට වැටහුනේ, රදීෂ්ගේ කටහඩට වඩා නදීෂ්ගේ හඩෙහි තරමක වෙනසක් ඇති බව.

"ඔ..යා.. ඔයා.. ඇයි මෙහෙම කරන්නේ අපිට? අපි මොනාද කරපු වැරැද්ද ඔයාට?" වේගවත් හුස්මක් ගත් නුරායා, තම දෙනෙතට නැගුණු කඳුළු පාලනය කරගෙන විමසුවේ හැකි තරම් ඉවසාය.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Место, где живут истории. Откройте их для себя