104

63 9 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
104.

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"නූ.. ඔන්න මේ තියෙන්නේ මගේ රූම් එක!"

රදීෂ් තවත් පුද්ගලයෙකුව හදුන්වා දෙන තරම්ම සතුටකිනුයි ඇයට තම කුටිය පෙන්වූයේ. තමාට කියා ආඩම්බරයෙන් පෙන්වීමට ඇත්තේ එය පමණක් නිසාය. ඉතිං විටෙක ඔහු හැසිරෙන්නේ කුඩා දරුවෙක් මෙනි.

නුරායා මුවත් අයාගෙනම කුටිය පුරාම බැල්මක් හෙළූවේ අදහාගත නොහැකි අයුරිනි.

එතරම් ම පිරිසිදු, පිළිවෙල කුටියක් ඇය මීට පෙර දැක තිබුණේ නැත.

බිත්තර ගෙඩි මෙන් විසල් කරගත් දෑසින් ඇය ඔහු දෙසත් බැලූවේ පිටසක්වල ජීවියෙක් වෙතට හෙළන බැල්මක්ය. "ඔයා කියන්නේ මේක ඔයාගේ කාමරේ කියලද?" නුරායා විමසුවේ පුදුමයෙන් නැවත වතාවක් ඒ සුඛෝපභෝගි කුටිය දෙස බලමිනි. එය හෝටල් කාමරයක් තරම්ම අලංකෘත විය. ඔහු හිස සලා සයනයෙහි වැතිරුණා.

අතින් ඇයටත් සංඥා කලේ තමා වෙතට එන මෙන් ය. කිරිගරුඩ තරම්ම සුදු පැහැති වූ කුණක්වත් නැති පොළොව මත පාවහන් මතින් ඇවිදීම තවත් නම් කළ නොහැකි ලෙසකි. ඉතිං එනිසයි ඇය පූජනීය බිමකට ඇතුළු වනවාක් මෙන් ඔහුගේ කුටියෙහි දොරටුව අභියස තම පාවහන් ගලවා දැමුවේ. සෙමෙන් සෙමෙන් ඇවිද ආ ඇය ඔහු අසලින්ම සයනයෙහි අසුන්ගත්තේ වටපිට බලමිනි. නමුත් අසුන්ගත් සැනින් සයනය ඇතුළට එබී ගොස් ඇයව නැවත වතාවක් උඩ ගියේ නුරායා පුදුමයෙන් නැගී සිටිද්දීයි.

"බයවුණා ද?" ඔහු සිනාසෙමින්ව ඇයව තමා වෙතට ඇදගත්තා.

ඇයගේ වතෙහි පිරී පැවතුනේ සත්තකින්ම බිය මුසු හැඟීම් ය. මොහොතකින් මේ තමා දැන සිටී ඔහු නොවේ යැයි ඇයට සිතුනි.

"රදී..ෂ්.. අහන්නකෝ.." නුරායා හෙමින් සීරුවේ ඔහුව ඇමතුවේ වැදගත් යමක් ගැන විමසන්නටය.

"හ්ම්..?" ඔහු ඇයව තම පපුවට ඇද ගත්තේ ඇය පවසන දෙය වඩා හොදින් අසා ගැනුමටය.

"ඔයා..ට... උරේෂා අක්කා හැර.. තව සහෝදර සහෝදරියෝ නැද්ද?" නුරායා විමසුවේ පෙර දින මතකයන්ගෙන් නදීෂ් ව මතක් වී යි. රදීෂ් හඩ නගා සිනාසුනේ ඒ සමගමයි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now