131

71 6 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
131

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

එදින උදෑසන පටන් ම රදීෂ් සිටියේ සතුටිනි. එමෙන්ම ඔහු නුරායාට හොරෙන් දින කීපයක් තිස්සේම මහන්සි වී විවිධ දේ සූදානම් කළේ අද දින ඇයගේ උපන්දිනය වූ නිසාවෙනි. ඉතිං ඇයව පුදුම කරවීමයි ඔහුට අවැසි වූයේ. නමුත් නදීෂ් නම් ඊට ඉඩක් දෙන්නේ නැති පාටයි. පෙර දිනයක රදීෂ් නුරායාගේ කේක් ගෙඩිය සෑදීමට බාර දී එන්නට ඔන්න මෙන්න කියා තිබියදී රදීෂ්ගේ සිරුරට නදීෂ් පැමිණියෙන් ඔහුට දැනගැනුමට ලැබුනා නුරායාගේ උපන්දිනය නුදුරේදීම එන බව. ඉතිං එනිසයි නදීෂ් අද දින රදීෂ්ගේ සිරුරට පැමිණියේ. නුරායාව රිද්දවීමට සුදුසුම දවස අද බව ඔහු වටහා ගත්තා.

"හායි... බේබි... ගොඩක් සතුටින් වගේ..." තම සවන්පත් අසලින්ම ඇසෙන හඬ ගණන් නොගෙන නුරායා සිටියේ තදබල කල්පනාවකය. නදීෂ් සිනාසුනේ ඈ දෙසම බලාගෙනයි. මීළඟ මොහොතේම ඇයගේ කොන්ඩයෙන් ඇදගත් නදීෂ් නුරායා අසුන්ගෙන සිටී අසුනින් නගා සිටවූයේ, ඈ වේදනාවෙන් මිරිකෙමින් ඔහු වෙත ඇදී යද්දීයි.

"හැපි බරත්ඩේ රායා.... ඉතිං.. මගෙනුත් ගිෆ්ට් එකක් එපාද?" ඔහු විමසුවේ උමතු සිනාවක් දෙතොල් රන්දවාගෙනයි.

ඒ සමඟින්ම ඇයගේ කොන්ඩය තවත් තදින් තම අතට මැදිකොට ගනිමින්  ඔහු අඳින්නට වූයේ නුරායා වේදනාවෙන් කෙඳිරි ගාමින් නදීෂ්ගේ අතක් ද අල්ලාගනිද්දීයි.

"හැපි බර්ත් ඩේ.... ටූ යූ........!"

නදීෂ් උපන්දින ගීතය තාලයට ගායනා කළත් එහි වූයේ බයානක හඬකි. ඒ ඔහුගේ ගැඹුරු කටහඩ නිසාවෙනි. නුරායා ඔහුගෙන් ගැලවීමට කෙතරම් නම් උත්සාහ කළත් එය නම් සාර්ථක නොවූවා. ඒ සමඟම නුරායාට ඇසුනේ යමක් කතුරකට හසුවී කැපී යන හඩයි. ඈ භීතියෙන් නදීෂ් දෙස බැලුවේ ඒ කුමක්දැයි ඇයට වැටහුනු බැවිනි.

"හැපි බර්ත් ඩේ ටූ යූ....!"

නුරායා තම හිස පිටුපසට වන්නට තිබූ නදීෂ්ගේ දෑත් ඇදීමට දැගලුවේ හඬමින් කෑ ගසමිනි.

"අනේ... නදීෂ් එපා.... රදීෂ් ගොඩක් ආසයි මගේ කොන්ඩෙට... අනේ...." ඈ කෑ ගසමින් හඬන්නට වූවා.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now