106

114 13 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
106.

කාගෙහරි හිනාවක් ගේන්නම කැපවෙච්ච
ඒ හිතේ කිසි දුකක් තිබුනේම නැතුවාද
කාටවත් වෙලාවක් තිබුනාද දැනගන්න
හිනාවේ කෙලවරේ සෝ සුසුම් තිබුනාට

ජීවිතේ කවදහරි ඒ ඇසුත් දිලිසෙන්න
ඒ පතන ප්‍රේමයත් කවදහරි ලැබුනාද
ප්‍රේමයත් හැමෝටම උරුමදැයි දැනගන්න
කවදහරි ඒ හිතත් නිදහසේ සැනසෙන්න...
❤️🌻🕊️

ජනිත් වෙනුවෙන් මේ ලස්සන කවි ලිව්වේ ජනිත්ගේ ලොකුම Fan Girl Samadhi Gamage  ඉතිං සුන්දර ලමයෝ.., කවි එවලා ගොඩක් කල් වුණාට.. මම මේවා පරිස්සම් කලා හොදම දවස වෙනුවෙන් හොදේ 🖤

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"මොනාද ඔයා කරන්නේ අයියේ...?" අරවින්ද තිගැස්සී ගියේ තමාට පිටපසින් ඇසුණු හඩිනි. නමුත් හඩෙහි අයිතිකාරිය දුටු විගස ඒ වතෙහි ඇදී ගියේ සොඳුරු මදහසකි.

"සුදූ..." ඔහු ඈව වැළඳගත්තේ ආදරයෙනි. නිරාශා නම් තරමක් ලැජ්ජාවෙන් සිටියේ ඔහුගෙන් මෙතරම් උණුසුම් පිළිගැනීමක් බලාපොරොත්තු නොවුනු නිසයි.

"දන්නවද මම දැන් මේ ඔයාව මතක් කලා විතරයි.. ඔයා මෙතන. තනියම ද ආවේ බබෝ..? එනවා කියලා කිව්වෙවත් නෑනේ" ඇයව හරවා පිටුපසින් වැළඳගෙන ඒ හිසට හාදුවක් ලබා දෙමින් ඔහු විමසුවේ නිරාශා සිනාසෙද්දීයි.

"නෑ අනේ... ජනිත් එක්ක ආවේ.."

"කෝ දැන් ඌ?"

"අන්න ලොකූ හොයන් ගියා.."

"මූත් ඒ පාර කොයි වෙලාවෙත් ලොකූ පස්සෙන්මයිනේ.. යකෝ මට ආවා කියලවත් කිව්වේ නෑනේ" අරවින්දගේ වදන්වලට නිරාශා නිහඩවම සිනාසුණා පමණයි. ඈ ඔහුගේ වැළඳගැනීම නිසා උණුසුම්වයි හිටියේ.

"අයියේ....." එක්වරම සේපාලිකා මුළුතැන්ගෙයට ඇතුළු වූයේ ජනිත් සමඟිනි. ඔවුන් හදිසියේ පැමිණීම නිසා නිරාශාට හෝ අරවින්දට ඔවුනොවුන්ගෙන් ඉවත්වීමට වේලාවක් නොවීය. සේපාලිකා නම් ඔවුන් දෙදෙනා දෙස බලා සිටියේ එතරම් මිත්‍රශීලි බැල්මකින් නොවේ.

"අයියේ... බඩගිනියි..." සේපාලිකා පැවසුවේ නිරාශාට ඔරවමිනි.

"හරි හරි... හදනවා කෑම.. ඔයා පාඩම් කරන්නකෝ ගිහිං.. පැයෙන් උයනවා" අරවින්ද පැවසුවේ නිරාශාගෙන් සෙමෙන් ඉවත්වෙමිනි.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Opowieści tętniące życiem. Odkryj je teraz