150

88 10 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
150

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

“මොකක්ද බැ-ලි තෝ කිව්වේ?”

එක්වරම මුළු උසාවියම දෙදරවන සුළු හඬක් විත්තිකූඩුවේ සිටී පුද්ගලයාගෙන් පිටවූ අතර, මාංචු දමා සිටී දෑත් යුගලත් සමඟින්ම ඔහු බිම බලාගෙනම රෞද්‍ර හඬින් එලෙස ඇමතුවේ නුරායාවයි. ඈ තිගැස්සී ගියේ ඔහුගේ වදන්වලිනි.

“මම තොට කිව්වා….. මම තොට කිව්වා….. රදීෂ්ට කිසි දෙයක් කියන්න එපා කියලා…. තෝ මම කිව්ව කිසිම දෙයක් ඇහුවද? නෑ… තොට ඕනේ වුණේ රදීෂ්ව හොඳ කරගන්න නේද? වුණාද ඒක? වුණාද?!! ආහ්!!!!!” නදීෂ් මහා හඬින් කෑ ගැසුවේ තම දෙනෙත් රතු කරගෙන විත්තිකූඩුවේ අත්වැටෙහි එල්ලීගෙනයි.

“ඕඩර්! ඕඩර්!! ඕඩර්!!!” විනිසුරුවරයා එක්වරම කෑ ගැසුවේ නඩු ශාලාව සන්සුන් කිරීමටයි.

“ඕඩර්? හහ්! උඹ කවුද යකෝ මට ඕඩර් දෙන්න? මම උඹ මෙච්චරවෙලා දැකපු රදීෂ් නෙවෙයි ඕඩර්ස් දෙන්න. මම නදීෂ් යකෝ! මට ඕඩර් දෙන්න තොට බෑ නාකියෝ!!! තට්ට නාකියා එනවා මෙතන මට ඕඩර්ස් දෙන්න! තෝවත් මම මරලා දානවා… බලාගෙන හිටපන්!!” නදීෂ්ගේ කෑගෑම නොනැවතුනු අතර, ඔහුව පාලනය කිරීමට උසාවි ආරක්ෂක නිලධාරීන් කීපදෙනෙක්ම නදීෂ්ගේ දෙඅත්වලින් අල්ලාගත්තත් ඔහු කෑ ගැසුවේ ඔවුන් ද තල්ලු කරමිනි.

“උසාවිය මිනිත්තු විස්සකට කල් දමනවා!”

。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。

“Your Honor, මම අවසර ඉල්ලා සිටිනවා මගේ දෙවෙනි සාක්ෂිකරු වන සාගර විජේසිංහව මෙම ගරු උසාවියට කැදවන්නට”

නිමේෂ්ගේ හඬෙන් නුරායා හිස ඔසවා බැලුවේ ඔහු දෙසයි. ඒ දෙනෙත් වෛරයෙන් රතු වී යන්නට එතරම් වේලාවක් ගත නොවුනි. මේ අවස්ථාවේදී රදීෂ් හෝ නදීෂ් විත්තිකූඩුව මත හිටගෙන සිටී අතර, ඔහු අතිශයින්ම සංවරව සිටී බැවින් නඩු කටයුතු ඉදිරියටම කරගෙන යාමට විනිසුරුවරයා තීරණය කරන ලදී. එමෙන්ම මෙම නඩුවට දේශපාලනික හස්තයකුත් සම්බන්ධ බැවින් ඔහුට අවැසි වූයේ හැකි ඉක්මනින්ම නඩුව අවසන් කර තීන්දුව ලබා දීමටයි.

“මිස්ටර් සාගර, තමුන් දැනගෙන හිටියද තමුන්ගේ පුතාට මානසික ලෙඩක් තියෙනවා කියලා?” නිමේෂ්ගේ පැනයෙන් තැතිගත් සාගර මහතා පිළිතුරු දීමට මුව විවර කළත් එක්වරම මුළු උසාවි ශාලාව දෙදරා යනවා මෙන් සිනාවක් නැගුනේ නදීෂ්ගේ මුවිනි.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now