ඒකිගෙත් වාසනාව ඉතින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒකිගෙත් වාසනාව ඉතින්... වැරදිලා හරි එදා ඒකිව තාත්තගෙන් බේරෙන්න බැරි වුණා නම් මේ වෙද්දි ඒ කෙල්ල එක්කො බඩක් උස්සගෙන ඉදියි නැත්තන් කොහෙහරි බාල්කෙක එල්ලිලා ඉඳියි... යෙහා සෑහෙන පිනක් කළේ ඒකිව බේරගෙන...

කෙල්ල එක එක කෑම ජාති හදනවා... යෙහා ඉල්ලන ඉල්ලන ජාති ගෙනත් දිදී හදලා දෙන්නා එක්ක අපිටත් අරන් එනවා...යෙහා ජීවිතේ ආසාවට තේකක්වත් හැදුවෙ නැති එකා දැන් ඒප්‍රන් දාගෙන කුස්සියේ... කෙල්ලව දවල්ට මැන්ශන් එකට එක්කරගෙන එනවා... රෑට තියාගන්නෙ නෑ හොටෙල් එකට එක්කරගෙන යනවා...

ආදරේ හිතාගන්න බැරි කෝණවලින් ජීවිත වෙනස් කරනවා...හොඳම උදාහරණයක් යෙහෙන්...

මේ ටිකේ නම් මිනිහට ෆ්ලෑශ් වැහිලා ඉන්නෙ...තියෙන තදියමට ඉක්මනට එන්ගේජ් වෙන්න ගිහින් දැන් උගෙ අයියයි අක්කයි දෙන්නම එනවා... අයියා කිව්වෙ මැරි කරනවා නම් කලබල වෙලා බෑ එයා ඇවිත් තීරණයක් ගන්නවා කියලා...ඉතින් මේ ටිකේ මිනිහා පෙර වැරදි හරි ගස්සනවා...

යෙහා පැත්තකට වුණ එකෙන් ලොකුම පාලුව තියෙන්නෙ මේ දැන් මගෙ ඇද උඩ ඉන්න එකාට... එතකොට ලොකුම පාඩුව මට...

හැමතිස්සෙම යෙහා එක්ක වලි දාගෙන හිටිය තේනුකට යෙහා ටිකක් වෙන වැඩවලට ෆෝකස් වුණ නිසි පාළුයි වගේ එකක් තියේ...ඉතින් ඩාන්සින් ඇකඩමි එකේ වැඩක් නැති වෙලාවක කවියා එහෙ මෙහෙ වුණොත් ඊළඟ තත්පරේ ම මිනිහා මගෙ අපාට්මන්ට් එකේ... තේනුක සාමාන්‍යයෙන් මාරම ඇක්ටිව්...ඇක්ටිව් කියන්නෙ ඒකා හයිපරැක්ටිව්... අපාට්මන්ට් එකේ කරන්න ම දෙයක් නැත්තන් තඩියට පේන්න උඩ පැනලා තඩියව හරි අවුස්සගන්නවා...

මම රෙදි ටික නවලා ක්ලෝසෙට් එකේ තට්ටුවලට බෙදලා වෙන වෙනම දාලා මම යන යන පැත්තට මගෙ පාරෙ උඩ පැන පැන දුවන තඩියවත් බිම පෙරලගෙන ටිකක් චප්ප කරලා කිති කවලා දාලා කියව කියව ඉඳලා නින්ද ගිහින් තියෙන තේනුවට ඒසී එකත් ඔන් කරලා තඩියව අඬ ගහගෙන එළියට ආවෙ කෑම මොනවාහරි හදන්න ඕන නිසා...

හුස්මක් දුරින්...Where stories live. Discover now