18 කොටස

Magsimula sa umpisa
                                    

"ඔ-ඔයාලට මොන-වද ඕනෙ?"

"ස්-සල්ලි ද?"
මම කීදෙනෙක් ඉන්නව ද ඉන්නෙ කවුද නොදැන නිකන් ඉස්සරහ බලාගෙන අහද්දි මට ඇහුණා කවුරුහරි නෝන්ඩියට හිනා වෙනවා...

ප්ලෑන් කරලා මෙහෙම ඇවිත් මට මොනවා කරන්නද... මම කොල්ලෙක්... කෙල්ලෙක් ව මෙහෙම හිර කළා නම් හිතන්න තිබුණා වෙන දේකට කියලා... මෙතන ඉන්නෙ අවුරුදු තිස් ගණන් හතලිස් ගණන් වල වගේ හැඩිදැඩි මිනිස්සු...උන්ට පිස්සු නැතුව ඇතිනෙ මෙච්චර කෙල්ලො ඉන්න රටේ කොල්ලෙක්ගෙ පාරෙ මෙච්චර පන්නලා අහවල් එක කර ගන්න...

මම මාත් එක්ක ම වාද කර කර ඉද්දි මට ඇහුණා ෆෝන් එකක් රින්ග් වෙනවා...මගේ නෙවෙයි...

"ඔව් බොස්...කොල්ලා දඟලන්නෙ නෑ... නෑ... වාඩිවෙලා ඉන්නවා..."

"බෝතලේම?"

"ආ...හරි බොස්...හරි හරි..."
ඒ මනුස්සයා ෆෝන් එක තියන පමාවට කවුරුහරි මගෙ කට තද කරලා මිරිකුවා...ඒ එක්කම මගෙ කටට මොකක් හරි බෝතලයක් තද වෙනවා දැනුණා...

මුන් මට වස දෙන්න ද මෙච්චර කෙලියක් කළේ!?කවුද ඒ බොස්...අඩුම මැරෙන්නෙ ඇයි කියලාවත් මම දැන ගන්න ඕන නැද්ද...

මම දඟලද්දි අල්ලගෙන හිටිය එකා කට තව තද කළා... මම බොන්නෙ නෑ කියලා තේරෙද්දි කවුරුහරි මගෙ නහය හිර කළා...තවත් මේක හිර කරගෙන ඉන්න බෑ මට හුස්ම හිර වෙනවා...ඉබේටම කටේ ඉතිරි කරගෙන හිටිය ටික හිතන්නත් කලින් මට ගිලෙද්දි මහ අප්පිරිය තිත්ත රසක් එක්ක බෙහෙත් ගඳක් දැනුණා...

"ම්ප්හ්...මොක්-අර්හ්...මොකද්-කැහ් කැහ්...ද ම්-මේ..."
මම කැහැ කැහැ ම අහන්න හැදුවත් මට ඇහුණා ඩෝ බෙල් එක වදිනවා... ශාලුක නෙවෙයි... එයා බෙල් කර කර ඉන්නෙ නෑ...මට දාඩියයි...වටේම කැරකෙනවා...

එතන හිටිය එකෙක් මාව ඇදන් ගිහින් මගෙ ෆින්ග ප්‍රින්ට් එක දීලා දොර අරිද්දී මම ඔහේ බලාගෙන හිටියා... මට වටේම පේන්නෙ බොඳ වෙලා...ඈතින් වගේ සයිලෝ බුරනවා ඇහෙනවා... එපා කියන්න ඕන වුණාට මට එච්චර සද්දෙට කතා කර ගන්න පණ නෑ වගේ...මම නිකන් ම වෙන දේවල් බලාගෙන හිටියා...

මට නිදි මතයි...

"ම්හ්...පෙව්වද? සේරම? "

"ඔව් බොස්...ඒ බෙහෙත් ගඳයිනෙ..."

හුස්මක් දුරින්...Tahanan ng mga kuwento. Tumuklas ngayon