"පලයන් යන්න!"
මම සද්දෙන් නොවුණත් සැරට කියද්දි දේවින්ද හිනාවෙලා මගෙ ළඟින් වාඩි වුණා...උගෙ යාළුවා ඌට එහා පැත්තෙන් වාඩිවෙද්දි මම බිත්තිය අයිනට ම වුණා...

මොනෞත්තක්ද මේ....

අද තේනුවත් නැතුව මට මූ මගෙත් එක්ක පැටලෙන්න එද්දි යකා නැග්ගා...

"එනකොටම යන්න කියන්නෙපා සුදූ... ඔයාව බලන්නමයි මම වෙලාව වෙන් කරගෙන ආවෙ...දිගටම එන්නම්... ම්ම්...කමක් නෑනෙ?"
දේවින්ද මගෙ අත ළඟින් ම ලියන ඩෙස්ක් එකට අත තියලා මූණට එබිලා අහද්දි මට ඌට රැව්වා...

" පැත්තකට වෙයන් දේවින්ද! මම උඹට කිව්වා මගෙත් එක්ක පැටලෙන්න එපා කියලා..."
මම උගෙ උරහිසට අත මිට මොලවලා තල්ලු කරන ගමන් කියද්දි ඌ හිනාවෙලා මගෙ ඔලුවට තට්ටුවක් දැම්මා...

"මොන හු-"

"ශ්ශ්....ලස්සන කොල්ලො ඔහොම කතා කරන්න හොඳ නෑ..."
දේවින්ද එහෙම කියලා මම එතන නෑ වගේ ඉස්සරහ පැත්ත බලාගනිද්දි මම ඌට හිතින් බැන බැන බෝඩ් එක පැත්ත බලාගත්තා...

.

.

.

"කියෝ..ට්..."

"ඉස්සරහ බලාගනින් මට කියලා දත් හලා ගන්නෙ නැතුව..."
දේවින්ද ගාන හදන එක පැත්තකින් තියලා කම්මුලට අත ගහගෙන මගෙ දිහා බලාගෙන ඉදලා කියද්දි මම පොත දිහා බලාගෙන බැන බැන ගාන හැදුවා...

"ගම්මිරිස් ඇටේ වගේ..."

"අත ගනින්..."
දේවින්ද මගෙ කම්මුල අතගාන්න හැදුවත් මම රවලා කියද්දි ඌ බෙල්ල කස කසා තනියම හිනාවෙවී පොත දිහා බලාගනිද්දි මට උගෙ හොම්බ කට සමතලා වෙන්න දෙකක් අනින්න හිතුණා...

.
.
.
.
.
.

"මාත් එක්ක යන්..."

"අත අතෑරපන්!!"
මම දේවින්ද අල්ලගෙන ඉන්න මගෙ අත දිහා බලලා කියද්දි අරූ තව ටිකක් තදට මගෙ මැණික්කටුව ළඟින් අල්ල ගනිද්දි මම අත අතාරව ගන්න අත ඇඹරුවත් අරූ අත අතාරින්නෙ නැති වෙද්දි මට කේන්ති ගියා...

"දේවින්ද අතෑරපන්..."

"ශ්ශ්...සුදු මැණික....මං එක්ක යන්... බස් එකේ යන්න එපා...තනියමනෙ..."
අරූ ඕනවට වඩා ළඟට එද්දි මම පැත්තකට වුණත් කාර් එකේ දොර ඇරලා දාලා දේවින්ද මාව වාහනේ ළඟට අදිද්දි මම අත ඉස්සුවෙ අත මිටි කරලම ඌට ගහන්න වුණත් මාව පිටිපස්සට ඇදිලා යද්දි මගෙ ඇස් පියවුණා....

හුස්මක් දුරින්...Where stories live. Discover now