• බෝල පස්ස •

95 15 9
                                    

කට්ටියම රවුම යන්න පිටත් වුනා.

පයින් කැලැව මැද්දෙන් තමයි යන්න පාර වැටිලා තිබුනෙ. දෙපැත්තේ කදු වගෙම ගල් තිබුනා. වෙළුන පයින් කොල බිම ඉහිරිලා පිදුරු ගොඩක් වගෙ. ලංකාවේ රිවස්ටන් ගිය අය දන්නවා.

එලිය කොච්චර ලස්සන වුනත් ජිප් එක ඇතුලෙ නම් ලස්සනක් නැ!

කන්දෙකෙ බ්ලූටූත් ඇඹත් ගහන් තේහ්යුන් බස්සා වගෙ ජනේලයෙන් එලිය බලාගෙන හිටියෙ ජිමින් අනිත් ජනේලයෙන් එලිය බලද්දි. ජන්ග්කුක් විතරක් මොකාද එකා වගෙ හරියටම විමින් දෙන්නට මැද්දෙ කලු ගලක් වගෙ හිටියෙ ෆෝන් එක ඔබ ඔබ.

ජින් හොබි දෙන්නා නම් කතාවක්. පාර පෙන්නන්නම් කියලා ඉස්සරහ සීට් එකට පැන්න යුන්ගි සීට් එකට බර වෙලා නිදාගද්දි ඔලුවෙ අත ගහගත්ත නම්ජූන්ට වුනෙ විනාඩියෙන් විනාඩිය යුන්හිව ඇහැරවලා ' හයොන්ග්! මේ පාර හරි නේද!? ' කිය කිය අහන්න.

කැලේ දිහා බලන් හිටිය ජිමින්ට අමුත්තක් දැනුනා. එයාට මේ දේවල් ගොඩක් හුරුයි කියලා එයාට තේරුනා. එයාලා මෙ යන පාරෙ දෙපැත්තේ එයා මීට වඩා ඇවිද්දා කියලා එයාට දැනුනා. හරියට පරණ මතක වගෙ!

ජන්ග්කුක් එයාගෙ ඇස් ෆෝන් එකෙ තියන් හිටියට එයාගෙ සම්පූර්ණ අවධානය පොඩි පොඩි දේවල් ඉක්මනට ග්‍රහණය කරගන්න ජිමින්ට යොදලා තිබුනා. එයා නිහඬව බලන් හිටියෙ ජිමින්ට මොනවගෙ දේවල් මතක් වෙයිද කියලා.

ටිකෙන් ටික ඔලුව බර වෙනවා වගෙ දැනෙද්දි ජිමින් සීට් එකට හේත්තු වුනා.

" හයොන්ග්! මෙතනද තැන!!? "

ලොකු ගල් පූවරුවක් තිබ්බ තුන්මං හන්දියක එක පාරකින් ඇතුලට වාහනය දැන්ම නම්ජූන් යුන්ගිගෙන් අහද්දි අමාරුවෙන් ඇස් ඇරගෙන හිටිය යුන්ගි ඔලුව උඩ පහල කලා.

" මෙතනින් එහා ඇවිදිමු! "

යුන්ගියා කිව්වෙ ජිප් එකෙන් බහින ගමන්.

" මෙතනින් ගියපුවාම විල හම්බෙනවා! එනවලා දැන් එලියට!! "

පූසෙක් වගෙ ඇගෙ හිරි අරින ගමන් යුන්ගියා කියද්දි ජින් හොබි ජනෙල්වලින් එලියට පැන්නා. ඇඹ දෙක අස්සෙනුත් යුන්ගියෙ ' ම්යැව්ව ' ඇහුන ටේ ඇඹ දෙක ගලවලා බහින් සැරසුනා.

Haaru | JIKOOK SINHALA FF 🌙Where stories live. Discover now