• මගෙ හාරූ •

71 13 0
                                    

ජන්ග්කුක් දැක්ක කලු කොටියා හිටිය තැන හිටියෙ ජිමින්. එයා හිටියෙ බිම වැතිරිලා විසාල සකුරා ගහ දිහාවට මුහුනලා. ජිමින්ට වඩා අඩි 10 විතර දුරකින් තමයි ජන්ග්කුක් හිටියෙ..

එයා හිමීට ජිමින් ගාවට ගියා.

එයා ජිමින් ඉදිරියේ දණින් වැටුනා. ජිමින්ගෙ පෙරලුන කොන්ඩය , වැහිලා තිබුන හීනි ඇස් , ඇත්දළ පැහැ සම , සිහින් කුඩා සිරුර ජන්ග්කුක්ව අවුරුදු ගානක අතීතයකට අරන් ගියා..

හැමදේම ඇස් ඉස්සරහ මැවෙද්දි ජන්ග්කුක්ගෙ ඇස් වලින් එක දිගට කඳුලු කඩන් වැටුනා..

කෑ ගැසීම් , වේදනාත්මක කෙඳිරියන් ජන්ග්කුක්ගෙ කන් තුල රැව් දුන්නා. එයාට දැනෙන්න ගත්තා. ජන්ග්කුක් හදවත පසාරු වන වේදනාවක් දැනුනෙ එහි චිත්ත රූපය එයාට මතක් වෙද්දි.

එයා ජිමින්ගෙ බඩ උඩින් අත තියලා පිරිමැද්දෙ අතීතයෙ ඒ උන සිදුවිමෙහි මතකයෙන්. ඔවුන්ට ලැබීමට හැකි අදුරුම , වේදනාත්මකම මරණයක රසය ඔවුන් විදින්න ඇති.

" ජ්..ජිමින් ඒ ඔයා !? "

ජන්ග්කුක් ජිමින්ගෙ ඔලුව පරිස්සමෙන් එයාගෙ ඔඩොක්කුවෙන් තියාගත්තා. එයාගෙ ඇස් වලට එක දිගට කඳුලු උනන්න ගත්තා. එයා පහත් වෙලා ජිමින්ගෙ නලල සිප ගත්තා.

" මං ඔයාව හොයාගත්තා.. මගෙ හාරූ "

ජන්ග්කුක් මිමිනුවා..

━━━━━━━━━━━•°.♡•.°•.°♡.°• ▪️

" මම නිකමට මිනීගෙ කාමරයට යනකොට මිනී හිටියෙ නැ !!? ඒ මදිවට ජන්ග්කුකා හිටියෙත් නැ!! මට පිස්සු නැහැදුන ටික විතරයි "

තේහ්යුන් කියද්දි කලබලයෙන් හොබි වගෙම එයාට පස්සෙ නම්ජූන් කාමරයට ආවා. ඒ දෙන්නම බලන් හිටියෙ සිහසුන්ව ඇද උඩ ඉන්න ජිමින් දිහා.

" ජිමින් කොහෙද හිටියෙ ජන්ග්කුක්!? "

ජිමින්ගෙ නලලට අත තියලා බලන ගමන් හොබී අහද්දි තේහ්යුන් ජිමින් නිදන් ඉන්න ඇදෙ අනිත් පැත්තෙන් ඉද ගත්තා.

" කැලැව ඇතුලෙ..අර පයින් ගස් මැද "

ජන්ග්කුක් කියද්දි නම්ජූන් ජන්ග්කුක් දිහා බැලුවා. ජන්ග්කුක් ගැන නම්ජූන්ට සැකයක් මෝදු වුනෙ ජන්ග්කුක් කියන්නෙ හෙන ගැහුවත් පාන්දර නැගිටින්නෙ නැති මිනිහෙක් බව නම්ජූන් හොදින්ම දන්න නිසා. ඒකත් මේ 2.00 ගානකට.

Haaru | JIKOOK SINHALA FF 🌙Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ