• චොක්ලට් ලෑලි •

65 10 6
                                    

හැමෝම දේගු ආව දවසෙ උන හැම සිදුවීමක්ම ගැන කතා කරලා අමතක කලා. මොකද එයාලා මේ ගමන ආවෙ ඔය වගෙ සිම්ප්ලි දේවල් වලට කාලය යොදන්න නෙවෙයි කියලා ජන්ග්කුක් බොහොම බැරෑරුම් ව කිව්වා.

ඉතින් තවත් ලස්සන හැන්දෑවක්.

" ආහ්හ්හ්!! "

" බුදාම්මොහ්!! "

එකපාරටම නිදන් හිටිය ජිමින් කෑ ගහගෙන නැගිට්ටෙ එයාගෙ එහා පැත්තෙන් හිටිය තේහ්යුන් ඊටත් වඩා හයියෙන් කෑ ගහගෙන බිම වැටෙද්දි. ජිමින් ඉක්මනින් ඇදෙ මුල්ලකට ගුලි වුනා. බිම වැටුන තේහ්යුන් කොන්දත් අල්ලගෙන කට ඇද කරන් නැගිට්ටත් ජිමින්ව දැක්කහමන් කොන්දෙ අමාරුව කොහෙන් ගියාද දන්නැ.

" මොකක්ද වුනෙ ජිමින්!? "

හිමීට ජිමින්ගෙ ලගට එන ගමන් තේහ්යුන් අහද්දි ජිමින් ඉක්මනින් තේහ්යුන්ගෙ පපුවට තුරුලු වුනෙ බයෙන්. තේහ්යුන් එයාගෙ පිට හිමින් හිමින් අත ගෑවෙ එයාගෙ කොන්දෙන් එක වේදනාව ගැනවත් නොහිතලා.

කොහොමත් දැන් සිද්ධාලේප හොයන එක ලේසි නෑ!

" ට්..ටේ අර කලු කොටියා "

ජිමින් මුමුණද්දි තේහ්යුන්ට පුංචි හිනාවක් ගියා. හහ්! මේකටද මේ පාත්තයා මැරෙන්න ගියෙ.

" අනෙ බේබි! මං ඒක නිකන් කිව්වෙ. ඔයා ඒක ගැන ඔච්චර හිතුවද මැනික! "

" නැ නැ ටේ..මං ඌව දැකලා තියෙනවා! ඌ..ඌ "

තේහ්යුන් ජිමින්ගෙ ඔලුව අතගාලා අහද්දි ජිමින් තේහ්යුන්ගෙ අතින් අල්ලගෙන කියන් ගියා.

" ඕල්රයිට්!! කියන්න ඌ කොහොමද!!? "

තේහ්යුන් අහද්දි ජිමින් ඇස් බෝල කරගත්තා.

" ඌ ක්..කලුයි ලොකුයි තව ළා කොල පාට ඇස් දෙකක් තිබුනෙ..ම්හ් තව දිග නැට්ටක් තිබුනා..සුදු පාට දත් දෙකකුත් තිබුනා..තව ම්ම් "

" හරි හරි මං කොටියන්ව දැකලා තියෙනවා මිනී! ජස්ට් ලුක් ඇට් මී!! මාත් කොටියෙක් නෙ!! "

ජිමින් අතෙ ඇඟිලි නව නව ගනින ගමන් කියද්දි තේහ්යුන් එයාගෙ ඇගිලි වලින් අල්ලා එක උඩ කිස් එකක් තිබ්බා. ජිමින් තොල් පෙරලගත්තෙ කාමරයට ජින් එද්දි.

Haaru | JIKOOK SINHALA FF 🌙Where stories live. Discover now