• සැසි මසල් පිග් •

112 13 0
                                    


" අයිශ්! කොහොමද මේ දොර අරින්නෙ! "

ජිමින්ගෙ කාමරය ඉස්සරහ රිටක් වගෙ හිටන් දොර අරින්න හදන තේහ්යුන් කියෙව්වා. ඊයෙ රෑ කාපු ඒවල හයියත් එක්කම එයා දොර අරින්න හැදුවා.

" මේ දොරවල් හදන එකාගෙ හැල්මෝනිට!! ආයිශ්!!? "

තේහ්යුන් සාප කරන ගමන් දොර කඩන් කන්න හදද්දි ඇහුනෙ නිදන් ඇහැරුන සුගත්ගෙ මී පැණි කටහඬ..

" ආයිශ් කරදරේ!!! තද කරන්නෙ නැතුව තල්ලු කරහන් පැත්තට!!! "

" හා.හා.හරි! අයි ක්නො! අයි ක්නො! "

පණ්ඩිත පාටට තේහ්යුන් කිව්වා. එයා නම් කොයි වෙලෙවත් මේ පූස් තඩියට සෙකන්ඩ් වෙන්න ආස නැ. එයාට පුදුම විදිහට පූසන්ව ඇලජික්!

ජස්ට් ඩොන්ඩ්!

ඒත් කොච්චර කිව්වත් තේහ්යුන් තද කරන නිසා දොර නම් ඇරුනෙ වත් නැ. දගලපු මහන්සියටම දොරට හේත්තු වෙද්දි ඉබෙම වගෙ පොඩ්ඩක් තල්ලු වෙලා දොර නිකම්ම ඇරුනෙ තේහ්යුන් ඒ දිහා හොල්මන් වෙලා වගෙ බලන් ඉද්දි.

" වොහ්! මේක අප්පගෙ තාක්ෂණයක්නෙ!! "

තේහ්යුන් හිටියෙ එයාගෙ රටෙ අතීත මිනිස්සු ගැන ආඩම්බරෙන්.

දොර එහාට මෙහාට කරන තේහ්යුන් දිහා බලන් හිටිය සුගා ඔලුවත් කසලා එතනින් ගියා. පූසටත් කොහොමත් කොටිය ඇලජික් වෙන්න ගත්තා. ඒකත් හදිසියේම වගෙ හැබැයි.

" බේබී!! ජිමිනිහ්! ඇහැරෙන්න!! "

කාමරය ඇතුළට යන ගමන් තේහ්යුන් කෑ ගැහුවෙ කරච්චලයක් වගෙ ඇහිච්ච කට හින්දා කට ඇද කරගත්ත ජිමින් තවත් බෙඩ් ශිට් එකට ගුලි වෙද්දි. එකක් කිව්වට එතන ගොඩක් තිබුනා. කුචි කුචි සොෆ්ටි..

" ඇහැරෙනො දැන්!!? කෝ ජිමිනි.. දැන් මෝනින් නෙ!! "

ඇදට පනින ගමන් තේහ්යුන් කිව්වත් මොකද එයත් කුචි කුචි සොෆ්ට් ජිමින්ගෙ සොෆ්ටි බෙඩ්ශිට් එකට තුරුලු වුනා. ජිමින්ට නම් තේහ්යුන් ගැන වත් උදෙ වුනා කියලවත් කිසිම් ගානක් නැ. එයා කෙයා කලෙ එයාගෙ වටිනා නින්ද ගැන විතරයි.

හැබැයි අපිට තමන්ගේ වටිනා නින්ද නැති කරන් ජන්ගුක්ගෙ කන්දොස් කිරියාවට ජිමිනිව උස්සන්‍ යන්න ආව තේහ්යුන් ගැනත් කතා කරන්න පුලුවන්.

Haaru | JIKOOK SINHALA FF 🌙Where stories live. Discover now